Thursday, October 3, 2019

Global Teacher Prize 2019 - Peter Tabichi


ඔබටත් ඔබේ ජීවිතය තුළ ගුරු උත්තමයන්වහන්සේලා කියන්න පුලුවන් ගුරුවරු මුණ ගැහිලා ඇති.සමහර විට මේ article එක කියවන ඔබ ගුරුවරයෙක් වෙන්නත් පුලුවන්. Global Teacher Prize ත්‍යාගය ලබා දීම සිදු කරන්නේ ලෝකයේ ඉන්න හොදම ගුරුවරයාට කිව්වොත් නිවැරදියි. 2019 වසර සදහාත් මේ තරගය පැවැත්තුවා. ත්‍යාගයේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියනයක්. රටවල් 160 ක අපේක්ෂකයන් දස දහසක් නාමයෝඡනා බාර දී තිබුණා. ඒ හැමෝම හොද නමක් දිනාගත්,දරුවන් වෙනුවෙන් තම ජීවිතය කැප කරපු පුද්ගලයන්.ඒ අතරින් ජයග්‍රහකයා වුණේ වයස අවුරුදු 37 ක් වන කෙන්යානු ජාතිකයෙක්. ඔහු තමයි පීටර් තබිචී ( Peter Tabichi) ගුරුතුමා. ඔබටත් කුතුහලයක් දැනෙනවා ඇති අනිකුත් සියල්ලන්ම අබ්බවා ඔහු මේ තාගය දිනා ගත්තේ කොහොමද කියලා.


 පීටර් තබීචි ඉපදුනේ 1982 වසරේදී  කෙන්යාවේ නයමිරා ප්‍රාන්තයේ. ඔහුගේ කුඩා කල ගෙවුනේ ග්‍රාමීය නයම්රා ප්‍රාන්තයේ. වයස අවුරුදු 11 දී ඔහුගේ මව මියායනවා. දැඩි දූෂ්කරතා හමුවේ අධ්‍යාපනය සාර්ථක කරගත් ඔහු Egerton වල Alma mater සරසවියෙන් උපාදිය ලබා ගන්නවා.

2016 වසරේ තබීචි කෙන්යාවෙි කෙරිකෝ මිශ්‍ර ද්විතීයික පාසලට සම්බන්ධ වෙනවා. ඒ ගණිතය හා භෞතික විද්‍යාව ගුරුවරයෙක් වශයෙන්. 
මේ පාසල තුළ දරුවන්ට ඉගෙන ගැනීමට තුබුනේ බොහොම සීමිත සම්පත් ප්‍රමාණයක්. මුලු පාසලටම තිබුනේ එක් පරිගණකයකි. එයත් ක්‍රියාත්මක වූයේ දුර්වල අන්තර්ඡාල සමිබන්ධතා හරහායි. ශිෂ්‍ය ගුරු අනුපාතය 58 : 01 ක්. ප්‍රමාණවත් තරම් ගුරුවරුන්වත් නොමැති දුර්වල තත්වයකයි පාසල තිබුනේ.

කෙරිකෝ මිශ්‍ර පාසල කියන්නේ ලෝකේ තියන නරකම වටපිටාවක් තියෙන පාසලක්. ඒ මේ ගම්මානයේ  තිබෙන සමාජීය තත්වය නිසයි. පාසැලේ ළමුන් ගෝත්‍ර හතකින් සමන්විත වෙනවා. සිසුන්ගෙන් 95% ක් ම  දරිද්‍රතාවයෙන් පෙළෙන දරුවන්.  ඉන් 3 න් 1 මව හෝ පියා අහිමියි. තවත් 3 න් 1 මවුපියන් දෙදෙනම අහිමියි. ඉතිරි 3 න් 1ක දරුවන්ට මව්පියන් සිටින වාසනාවන්තයන් යැයි ඔබ සිතනු ඇත. එයත් එසේම නොවුනි.දෙමවුපියන් සිටියද ඔවුන්ගෙන් බොහෝ දෙනා මත්ද්‍රව්‍ය අනිසි ලෙස භාවිතා කරන්නන් . ඒ වගේම පාසලෙන් ඉවත්වීම්, තරුණ වියේ ගැබ් ගැනීම්,  සුදුසු වයසට කළින් විවාහ වීම් වගේම සියදිවි නසාගැනීම් බහුලව සිදුවන සාමඡයීය පාරිසරික තත්වයක මොවුන් ගිලී සිටියා.

මොවුන් ගේ දෛවය කොතරම් නරකද කිව්වොත්, සොබාදහමත් මොවුන්ට අකාරුණික ලෙසයි සැළකුවේ. රිෆ්ට් වැලි පළාතේ අර්ධ ශුෂ්ක ගම්මානයක මෙම පාසල පිහිටා තිබෙන්නේ. නිරන්තරයෙන්ම සාගතයේත් නියඟයේත් බලපෑමට මොවුන්ට ලක් වෙන්නට සිදු වෙනවා . අධ්‍යාපනය ට වඩා තම දරුවන්ගේ බඩ කට පුරාවාවන්නේ කෙසේද කියන එක මේ ගම්මානයේ වැසියන්ට ප්‍රශ්නයක් වුණා.

කොරිකෝ පාසලකට  මුල් පත්වීම ලැබුණු තබීචි ගුරුතුමාට දක්නට ලැබුණේ බොහොම ඛෙද ජනක තත්වයකට පත්ව ඇති පාසලයි. ඒ වගේම 7km දුරක් මේ පාසල දක්වා පයින් ඇවිදන් එන්න තබීචි ගුරුතුමා හට සිදු වුණා. ඔහු මේ පාසලට පැමිණියේ ගණිතය , භෞතික විද්‍යාව ඉගැන්වීම සදහායි. ඒත් ගුරු හිගයත්, දරුවන් පාසල් නොපැමිණීම වගේම සමාජීය තත්වයන් එක්ක මේ දරුවන්නේ මනසට වෙලා තිබ්බ බලපෑමුත් තබීචි ගුරුතුමා දැක්කා.මේ අසරණ තත්වයෙන් මේ පුංචි දරුවන් එගොඩ කරන්නට ඔහු තබීචි ගුරුතුමා නොගත් උත්සාහයක් නෑ කිව්වොත් නිවැරදියි.

සොබාදහමත්, සමාජයත් දෙකෙන්ම අකාරුණික ලෙස පීඩාවට පත් දරුවන්ට වාසනාවට ලැබුනු එකම දෙය තබීචි ගුරුතුමයි. ඔහු දරුවන්ට සිත් ගන්නා සුලු කාරුණික චරිතයක් වුණා. මේ අපූරු මිනිසා පාසැලේ දරුවන්ට ඉගැන්වූයේ තම වැටුපෙන් 80% ක්ම මෙි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපනය සදහා වියදමි කරමින්. ළමයින් පාසල් නොපැමීණීම් වගේම ඔවුන්ට පවුල් පරිසරය හේතුවෙන් තිබ්බ ගැටලු මොහු හදුනා ගත්තා. තබීචි ගුරුතුමා දෙමාපියන් මුණ ගැසීමට දරුවන්ගේ නිවැස් වලට පවා ගියා. ඔවුන් මුහුණ දෙන අභියෝග ගැටලු වලට දෙන්න පුලුවන් විසදුම් සෙව්වා. පාසලෙන් පස්සේ උපකාරක පන්ති පවත් වූවා. මානසිකව දරුවන්ට හොද බලගැන්වීමක් දීම වගේම ඉගැන්වීමට තබීචි ගුරුතුමාට තිබුන හැකියාව අති විශ්ට වුනා. දිවා රාත්‍රී ය නොබලාම හැකි උපරිම සේවය ඔහු ඉටු කරා.
වසර 3 ක් ගෙවී ගියා. තබීචි ගුරුතුමා සාර්ථක වූවද..??.. ඇත්තෙන්ම ඔව්.

ඉහළ ශ්‍රේනිවලට ඇතුලත්වන ළමුන්ගේ සංඛ්‍යාව පසුගිය වසර 3 ට සාපේක්ෂව දෙගුණයකින් වුණා.

ගැහැනු ළමයින්ගේ අධ්‍යානික ජයග්‍රහණය ඉහළගොස් තිබුනා

ඔහුගේ පන්තියේ දරුවන් 59 දෙනා අතරින් 2017 වසරේ ඉන් 16 දෙනෙකු කෙන්යා රාඡ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියට ඇතුලුවුණා. 2018 දී එය තවත් වර්ධනය කර සිසුන් 26 දෙනෙකු පත් කරන්න්ට ඔහු සමත් වුණා. එනමි පන්තියේ සිසුන්ගෙන් 50% ක් ඔහු විශ්වවිද්‍යාල තුළට ඇතුලත් වී තුබුණා.

පාසලේ විද්‍යා සමාජය තිබුණු මට්ටමට වඩා පුළුල් කර එමඟින් 60% ක් දූ දරුවන්ට ජාතික තරඟ සඳහා සුදුසුකම් ලබා ගැනීමෙි තත්වයට ගෙන ආවෙිය.

ගුණාත්මක හා විද්‍යාත්මක පර්යේෂණ ව්‍යාපෘතිය යටතේ, කෙන්නියාවේ විද්‍යා හා ඉංජිනේරු ප්‍රදර්ශනයට ගණිත විද්‍යා ශිෂ්‍ය කණ්ඩායමක් ඔහු ඉදිරිපත් කරා.අන්ධ හා බිහිරි අයට වස්තූන් මැනීමට සඳහා ඔවුන් විසින් නිර්මාණය කරන ලද උපකරණයක් මෙහිදි ප්‍රදර්ශනය කලා. මෙම උපකරණය ඇමරිකා එක්සත් ජනපදයේ ඇරිසෝනා හි පැවැත්වෙන INTEL ජාත්‍යන්තර විද්‍යා හා ඉංජිනේරු ප්‍රදර්ශනය 2019 සහභාගී වීමට සුදුසුකම් ලැබුවා.

2018 දී පීටර්ගේ ශිෂ්‍යයින් කණ්ඩායම විදුලිය ජනනය කිරීම සඳහා දේශීය ශාක විශේෂයක් යොදා තැනූ විදුලි ඡනනය යන්ත්‍රය බ්‍රිතාන්‍ය රාජකීය රසායන විද්‍යා සංගමයෙන් සම්මානයක් ද දිනා ගෙන තිබේ.

වසර 3 ක් ඇතුලත දිළිදු දරුවන්ගේ අධ්‍යාපනය සදහා මහා මෙහෙවරක් කරන්නට තබීච් සමත් වුණා. 


ඔහු මුලින්ම ගුවන් ගමනක යෙදුනේ Global Teacher Prize එක ලබා ගැනීමටයි. ඔහු එය ලබාගත්තේ ඩුබායිහි ෂීක් මොහොමඩි බින් රෂීඩි කුමරුගේ දෑතින්. පීටර් තචිබී එම සමිමානයත් සමගම ඇමෙරිකන් ඩොලර් මිලියනයක්ද දිනාගත්තා. සමිමානය දිනාගත් තබීචි ප්‍රේකෂකාගාරය දෙසට හැරී ප්‍රකාශයක් කළා....

ඔහුගෙන් ඉගෙනන ගත් දරුවන්ගේ දැනුම, කුසලතා සහ විශ්වාසය වර්ධනය වීම  ඔහුගේ ලොකුම සතුට බව. ඔවුන් සමාජයට වඩදායි, නිර්මාණශීලී හා උපායශීලී වන විට, ඔවුන්ගේ හැකියාවන් වඩාත් ආකර්ෂණීය ලෙස විවර කරනවිට, ඒ විශිෂ්ටයන්ගේ ඉරණම සක්‍රීය කරන්නා සහ එහි යතුර ලෙස ක්‍රියාකරන්නා බවට ඔහුට පත්වීමට හැකිවීම ගැන ඔහු සතුට ප්‍රකාශ කරන බවත්. අප්‍රිකාව තුළ විද්‍යාඥයින්, ඉංජිනේරුවන්, ව්‍යවසායකයින් බිහි කරනු ඇති බවත්.ඔවුන්ගේ නම් ලෝකයේ සෑම අස්සක් මුල්ලක් නෑරම දිනක ප්‍රසිද්ධ වන බවත්. ගැහැණු ළමයින්ට විශාල යමක් මේ වෙනුවෙන් කර හැකි බවත්.විද්‍යාවට හා තාක්ෂණයට ප්‍රමුඛ කාර්යභාරයක් මේ වෙනුවෙන් ඉටු කළ හැකි බව ඔහු විශ්වාස කරන බවත් ඔහු ප්‍රකාශ කරා සිටියා.

මේ අපූරු පුද්ගලයා අවංකත්වයේ මෙන්ම මනුෂයත්වයේ ප්‍රතිමූර්තියක් බව කිව යුතු නැත. ලෝකයේ ඉදිරි අනාගතය තීරණය වන්නේ නව පරපුරේ ක්‍රියාව මත  යන්නත්, ඔවුන් තුල සැගව ඇති දක්ෂතා එළි දැක්වීමට ගුරුවරයා යතුරක් විය යුතු බවත් තබීචි පීටර් ගුරුතුමා ලෝකයට කියා පෑවා.

Wednesday, October 2, 2019

The 5 richest people in the world


ලෝකයේ ධනවත්ම පුද්ගලයන් 5

========================

ෆෝබ්ස් සඟරාවේ(Forbes magazine) සෑම වර්ෂයක් සදහාම ලෝකයේ ධනවතුන්ගේ ලයිස්තුවක් ඉදිරිපත් කරනවා. 2018 වර්ෂය සඳහාත් ප්‍රකෝටිපතියන්ගේ ලැයිස්තුව ඉදිරිපත් වුණා. 
කවුද මේ පුද්ගලයන් පස් දෙනා??..
මින් හතර දෙනෙක්ම ඇමරිකානුවන්, එක් අයෙක් ප්‍රංශ ජාතිකයෙක් කිව්වොත් නිවැරැදි යි.
මේ අයගේ ශුද්ද වටිනාකම කීයද??..
ඩොලර් බිලියන 70  ට නම් ඉහළයි.
ඇත්තටම කොහොමද මේ පුද්ගලයෝ මේ තත්වයට අවේ...පොඩ්ඩක් මෙයාලගේ අතීතය හොයලා බලන්න ඔයත් කැමති ඇති.

1. ජෙෆ් බෙසොස්(Jeff Bezos)


ශුද්ධ වටිනාකම : ඩොලර් බිලියන 112

මොහු ඇමේසන් (AMZN) සමාගමේ නිර්මාතෘතුමා.1994  වර්ෂයේ දී ගරාජයක තමයි මුලින්ම ඔහු amazon.com වෙබ් අඩවිය ආරම්භ කලේ. 1997 දී තමයි amazon.com ලෝකයා අතර ජනප්‍රියතාවයට පත් වන්නේ,මුලින්ම ඔන්ලයින් පොත් සාප්පුවක් විදිහට තමයි amazon.com එක ආරම්භ කරේ.ඒත් දැන් නම් අපිට ඕන මොනාද?..ඒ සියලු දෑ මිළදි ගැනීමේ හැකියාව අපිට amazon.com හරහා පුලුවන්. බිල් ගේට්ස්ගෙන් පසු ඩොලර් බිලියන 100 කට අධික ශුද්ධ වත්කමක් අත්කර ගත් පළමු පුද්ගලයා බවට Bezos පත් වුණා.මොහුගේ වත්කම් අතරට අභ්‍යවකාශ සමාගමක් වන බ්ලූ ඔරිජින්, වොෂිංටන් පෝස්ට් (ඔහු 2013 දී මිලදී ගත්) සහ වසර 10,000 ක ඔරලෝසුවත් අයත් වෙනවා.

2. බිල් ගේට්ස්(Bill Gates)


ශුද්ධ වටිනාකම: ඩොලර් බිලියන 90 කි

මයික්‍රොසොෆ්ට් කෝපරේෂන්( Microsoft Corp - MSFT ) සමාගමේ සම-නිර්මාතෘවරයා වන්නේ මොහුයි( Co-Founder). ධනය වැඩි කර ගැනීමට මොහුට ඇති හැකියාව පුදුමාකාරයි කිව්වෙත් නිවැරදියි. ඇයි මම මෙහෙම කිව්වේ ඔබටත් සිතෙනවා ඇති.???... 2009 යේ මොහුගේ වත්කම  වගේ දෙගුණයකින් මොහුගේ වත්කම 2018 වන විට ඉහළ ගිහින් තියනවා.ඒ වගේම සමජ සත්කාරක වඩසටහන් සදහාත් මොහු සම්බන්ධ වෙනවා. බිල් ඇන්ඩ් මෙලින්ඩා ගේට්ස් පදනම හරහා ඔහු පෝලියෝ හා මැලේරියාවට මර්ධනයට බිලියන ගණනක් වියදම් කරා. මීට අමතරව, ඔහු ඉබෝලා රෝගය මර්ධනය කිරීමට 2014 දී ඩොලර් මිලියන 50 ක් දෙන්න පොරොන්දු වෙලා තියෙනවා. බිල් ගේට්ස් දැනට මයික්‍රොසොෆ්ට් සහ බර්ක්ෂයර් හැත්වේ ඉන්කෝපරේෂන් (බී.ආර්.කේ.ඒ) ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙක් විදිහට කටයුතු කරනවා.

3. වොරන් බෆට් (Warren Buffett)


ශුද්ධ වටිනාකම: ඩොලර් බිලියන 84 කි

20 වන සියවසේ හොඳම ආයෝජකයා කියලා Warren හදුන්වන්න පුලුවන්. 1944 වර්ෂයේ දී , එතකොට Buffett ට අවුරුදු 14 යි. ඔහු සිය පළමු බදු වාර්තාව ගොනු කළේ කලා.ඔහු ප්‍රථම වරට 1962 දී Berkshire Hathaway නම් රෙදිපිළි සමාගමක කොටස් මිලදී ගත්තා. 1965 වසර වන විට බහුතර කොටස් හිමියා බවට පත්වන්නට ඔහු සමත් වුණා.ඔහු තම ධනයෙන් වැඩි කොටසක් පුණ්‍ය කටයුතු සඳහා ලබා දෙන අතර, තම ධනය තම දරුවන්ට භාර දීමට අදහස් නොකරන බවද ප්‍රකාශ කර තිබෙනවා.

4. බර්නාඩ් ආර්නෝල්ට් පවුල(Bernard Arnault Family)


ශුද්ධ වටිනාකම: ඩොලර් බිලියන 72 කි

ධනවතුන් 5 දෙනා අතරට එන එකම ප්‍රංශ ජාතිකයායි. ඒ වගේම මොහු ඉංජිනේරුවෙකු වෙනවා.LVMH සමාගමේ  සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරියායි. LVMH කියන්නේ ලොව විශාලතම සුඛෝපභෝගී භාණ්ඩ සමාගමයි. 
මුලින්ම  දේපල වෙළඳාම් සමාගමක් 1976 දී ආරම්භ කරනවා.ඔහු යුරෝපයේ ධනවත්ම පුද්ගලයා ලෙස 2019 දී ඒ කියන්නේ මේ වර්ෂයේ දී නම් කරලා තියෙනවා.

5. මාර්ක් සකර්බර්ග් (Mark Zuckerberg)


ශුද්ධ වටිනාකම: ඩොලර් බිලියන 71 කි

ෆේස්බුක් හි ප්‍රධාන විධායක නිලධාරිවරයායි. ඔහු ෆේස්බුක් නිර්මාණය කළේ 2004 වසර තුළදීයි. හාවඩ් නේවාසිකාගාරයේදී පංතියේ මිතුරෙකු වන එඩ්වාඩෝ සැවරින් සමඟ ෆේස් ෆේස් ඔහු මුලින්ම නිර්මාණය කළා.  Facebook හි වෙළඳපල වටිනාකම 2019 මුලදී දළ වශයෙන් ඩොලර් බිලියන 462 ක් වුණා. සකර්බර්ග් සිය ධනය අන්තර්ජාලය අහිමි ප්‍රදේශවලට අන්තර්ජාලය ලබා දිය හැකි සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන ඩ්‍රෝන් යානයක් සෑදීමට සහ නිව් ජර්සි හි පාසල් සඳහා ඩොලර් මිලියන 100 ක් පරිත්‍යාග කිරීම වැනි පුණ්‍ය කටයුතු සඳහා යොදා ගෙන ඇත.

ඔබේ මගේ මෙන්ම මේ පුද්ගලයන්ගේ ගමන් මගත් කිසිදා ලෙහෙසි පහසු වූයේ නැත. කඩා වැටීම් තුළින් සාර්ථකත්වයට පාර විවර කර ගන්නට මොවුන් සමත් වුණා. ඒ හේතු කාරණා නිසාවෙන්මයි අපි මොවුන් ගැන කතා වෙන්නෙත් , විපරම් කර බලන්නේත්...ඔබත් විශිෂ්ටයෙකු වන්නට උත්සාහ කරන්න.

How to make yoghurt_Home made_Super easy_by any type of milk & milk powder with Health Benifits


යෝගට්

=========================

-යෝගට් එකක් ගෙදරදීම පියවර 3න්

-ඔබත් එළකිරි බොන්නේ නැති කෙනෙක්ද?? පිටිකිරි වලින් යෝගට් එකක් හදාගන්නේ කොහොමද?

-යෝගට් වල ප්‍රධාන සෞඛ්‍යමය වාසි


යෝගට් නිශ්පාදන ගැන පුංචි හැදින්වීමක් දුන්නොත්,

 -යෝගට් කිරි පැහැයක්, යන්තමින් ආම්ලික රසක් ගන්න, අර්ධ ඝන ආහාරක්.යෝගට් කියන්නේ කිරි මිදවීමෙන් පහසුවෙන්ම ගෙදරදීම අපිට හදාගන්න පුලුවන් ආහාරයක්. 

-Ambewela , Anchor Newdale, Highland, Richlife, Kotmale, Creamoo වගේ brand අපිට වෙලදසැල් වලින් මිළදි ගන්න පුලුවන් .

-Low fat yoghurt,Non fat yoghurt ,Unsweetened yoghurt , Fruit yoghurt, Flavored yoghurt , Jelly yoghurt වගේම Drinking yoghurt වගේ විවිධ නිශ්පාදන අපිට වෙළදපොළ තුලදි දැකගන්නට පුලුවන්.

-ගෙදර පරිභෝජනය සදහා වගේම ව්‍යාපාරක් ලෙසත් යෝගට් හදන්න ඔබටත් පුලුවන්.එළකිරි මිදවීම සදහා මෙහිදි  Lactobacillus bulgericus හා Streptococcus thermophillus මුහුන් යොදාගන්නවා.මේවා අපිට පරණ යෝගට් එකක් යොදාගෙන පහසුවෙන්ම ගන්න පුලුවන්.

-රැ.35ත් 50 ත් අතර මුදළකට සාමාන්‍ය යෝගට් ක් වෙළදපොළෙන් ගන්න ඔබටත් පුලුවන්.

-මාසයක් වගේ කාලයක් ශීතකරණයේ ගබඩා කර ආහාරයට ගන්නත් පුලුවන්.


අවශ්‍ය ද්‍රව්‍ය
අපි මෙතනදී යෝගට් 50 ක් හදන්න අවශ්‍ය ද්‍රව්‍ය ගැන දක්වනවා.

1.එළකිරි   -  5L(එළකිරි වලට අමතරව  එළුකිරි යොදා ගන්නත්,වෙළඳසැල් වලින් fresh milk මිළදි ගැනීමේ හැකියාව ඔබටත් තියෙනවා.)
2.සීනි   -  350g
3.යෝගට් මුහුම්   -  යෝගට් එකක්
4.ජෙලටීන් - 0.7•/.(500mg)
5.වර්ණක
6.රස කාරක(වැනිලා)
7.යෝගට් cups  -   50

ඔබට යෝගට් සෑදීම කිරි පිටි වලින් සිදු කර ගන්නත් පුලුවන්,ඔබ මෙය කිරිපිටි වලින් සාදනවා නම් අනිවාර්යයෙන්ම ඒ ඔබේ ගෙදර සාමාජිකයන් වෙනුවෙන්.ඒ නිසාම මේ තියෙන්නේ cup 5කට සෑහෙන ලෙස අවශ්‍ය ද්‍රව්‍ය ප්‍රමාණයන්.
1.පිටිකිරි   - උණු ජලය 500 mL වලට කිරි පිටි  150g පමණ මිශ්‍ර කරන්න ( ඔබ කිරි රසයට වඩාත් කැමති නම් 200g එක් කර ගන්න. )
2.සීනි   -  50g
3.යෝගට් මුහුම්   -  යෝගට් එකක්
4.ජෙලටීන් - 5g
5.වර්ණක


සාදාගන්නා ආකාරය

පියවර 1
ඔබ ගත් කිරි ප්‍රමාණය 80 •C උෂ්ණත්වයට රත් කරන්න.එයට ජෙලටීන් හා සීනි එක්කර පැය භාගයක් රත් කර ගන්න.

පියවර 2
එයට වර්ණකත් වැනිලා රසකාරකයත් එක් කරන්න.ඉන්පසු මුහුම් යෝගට් එක එක් කර හොදින් මිශ්‍ර කරන්න.උෂ්ණත්වය 45 •C වන තුරු තබන්න.

පියවර 3
85 mL ප්‍රමාණයට cup වලට පුරවන්න(85mL) යනු යෝගට් cup 1ක සම්මත ප්‍රමාණය වේ.ඉන් පසු 45 •C උෂ්ණත්වය යටතේම පැය 2 හමාරක කාලයක් තබන්න.
  ඔබේ පහසුව සදහා එළකිරි,එළුකිරි භාවිතයෙන් සකසා ගන්නා අකාරය ඇතුලත් අන්තර්ජාලයෙන් සොයා ගත් රසවත් vidio එකක් නරඔන්න.

ඔබත් කැමති ඇති පිටිකිරි වලින් කොහොමද යෝගට් එකක් හදන්නේ කියල බලන්න.ඔබේ පහසුව සදහා අන්තර්ජාලයෙන් සොයා ගත් සිංහල භාෂාවෙන්ම කියා දෙන vidio එකක් නරඹන්න .

යෝගට් වල සෞඛ්‍යමය වාසි මොනවාද?

සෞඛ්‍යය ගැන සැලකිලිමත් වන බොහෝ දෙනෙක් යෝගට් ආහාරයට ගැනීම දෛනික පුරුද්දක් කරගන්න බව ඔබ දන්නවාද??...  යෝගට් ලබා ගැනීමෙන් කිරීමෙන් ඇති විය හැකි සෞඛ්‍ය ප්‍රතිලාභ පහක් මෙන්න:

ප්‍රතිලාභ අංක 1- පෝෂණ ගුණය
යෝගට් අනුභව කරන ඔබට  ප්‍රෝටීන් ග්‍රෑම් 9 ක් පමණ, කැල්සියම්, විටමින් B2 ,B12 පොටෑසියම් සහ මැග්නීසියම් වගේ ඛනිජ ත් පෝෂ්‍ය පදාර්ථ විදිහට ලබා ගන්න පුලුවන්.


ප්‍රතිලාභ අංක 2: ඔස්ටියෝපොරෝසිස් වැළැක්වීමට
ඔස්ටියෝපොරෝසිස් රෝගය වැළදෙන්නේ ඔබේ අස්ථි දුර්වල වීමෙන් .කැල්සියම් සහ විටමින් D ශක්තිමත් ඇටසැකිල්ලක් සෑදීමට බලපාන ප්‍රධාන සාධක 2කයි.වයස අවුරුදු 51-70 අතර පුද්ගලයින් සඳහා දිනකට 400 IU ප්‍රමාණයක්  විටමින් D අවශ්‍ය වෙනවා.සමහර යෝගට් නිෂ්පාදන වලට සෑදීමෙදී  විටමින් ඩී එකතු කර ගැනීමත් සිදු වෙනවා.


ප්‍රතිලාභ අංක 3: ප්‍රොබියොටික් හෙවත් හිතකර බැක්ටේරියා බඩවැල් වල සෞඛ්‍යය සදහා උපකාරී වේ.මලබද්ධය, පාචනය,මහා බඩවැලේ පිළිකා වගේ රෝග තත්වන්ටත් යෝගට් ඉතා හොද ආහාරයක්.බඩවැලේ මයික්‍රොෆ්ලෝරා වල වෙනස්කම් ඇති කිරීම මගින් මෙය සිදුවෙනවා. ඒ වගේම තමයි ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩි දියුණු කිරීමටත් හේතු වෙනවා.

ප්‍රතිලාභ අංක 4: යෝනි ආසාදන තත්වයන් සදහා
දියවැඩියා කාන්තාවන් හට යෝනි ආශ්‍රිත ගැටලු ගොඩක් වෙලාවට ඇති වෙනවා අපිට දැකගන්න පුලුවන් .යෝනි වල pH අගය 6.0 සිට 4.0 දක්වා ගෙන ඒමට යෝගට් දිනපතා ගැනීමෙන් හැකිවෙනවා. (සාමාන්‍ය pH අගය 4.0-4.5). 

ප්‍රතිලාභ අංක 5:කෑම රුචිය වැඩි කිරීමටත් ,ගෑස්ටික් රෝගයටත් හොද ආහාරයක්.

ඔබටත් පුලුවන් පහසුවෙන්ම ගෙදරදීම පහසුවෙන් ගෙදරදීම  යෝගට් හදාගන්න. ඔබේ සමීපතමයන් සතුටු කරන්න.






Cholesterol


කොලෙස්ටරෝල්
-----------------------------------------------------

-ඔබට හෝ ඔබේ පවුලේ සාමාජිකයෙකුට,හිතවෙතෙකුට කොලෙස්ටරෝල් තිබෙනවාද??..

-කොලෙස්ටරෝල් පරීක්ෂණයක අවශ්‍යතාව මොකක්ද ??...

-Lipid Profile test එකෙන් කියන ට්‍රයිග්ලිසරයිඩ LDL, HDL මොනාද මේ..මේවා තියෙන්න ඕන මට්ටම මොකද්ද??...

-ජීවන රටාව ආහාර පුරුදු වෙනස් කර ගැනීමෙන් ඔබත් මේ අවධානමට ලක් වීමෙන් වැළකෙමුද??..

ඔබේ වෛද්‍යවරයා ඔබව හෝ ඔබේ පවුලේ කෙනෙකු කොලෙස්ටරෝල් පරීක්ෂණ සඳහා යොමු කරා යැයි අපි සිතමු.එක්කෝ එය සාමාන්‍ය පරීක්‍ෂණයක් වෙන්නත් පුලුවන්, නැතිනම් ඔබට හෘද රෝග ඇතිවීමේ අවදානමක් ඇතැයි සැක කරන නිසා වෙන්නත් පුලුවන්.

ඇයි ඔබට කොලෙස්ටරෝල් පරීක්ෂණයක් අවශ්‍ය??
ඔබේ දේහයේ කොලෙස්ටරෝල් ප්‍රමාණයක් වැඩි නම්,එය ඔබේ ධමනි වල බිත්තිවල තැන්පත් වීමක් සිදු වෙනවා.ධමනි සිහින් වීම ලෙස මෙම ක්‍රියාවලිය හදුන්වනවා.ඇත්තටම වෙන්නේ ධමනි පටු වීම. රුධිරයට ඒ හරහා ගමන් කිරීම අපහසු වීම.ධමනි සිහින් වීමෙන් ඔබට  ඇන්ජයිනා,අධිරුධිර පීඩනය වගේ තත්වයන් ඇති වෙන්න පුලුවන්.මොකද මේ ඇන්ජයිනා කියන්නේ හෘදයට රුධිර ප්‍රවාහයක් නොමැතිකම හේතුවෙන් දැඩි පපුවේ වේදනාවක් ඇති වීමයි. ධමනි මුළුමනින්ම අවහිර වුනොත් තමයි හෘදයාබාධයක් ඇති වෙන්නේ.

සාමාන්‍ය කොලෙස්ටරෝල් හදුනා ගැනීමට ලිපිඩ ප්‍රොපයිල් නැමති පරීක්ෂණය සිදු කරනවා.මින් අපිට HDL( High Density Lipoprotein) කොලෙස්ටරෝල් මට්ටම, ට්‍රයිග්ලිසරයිඩ් හා LDL(Low Density Lipoprotein) කොලෙස්ටරෝල් මට්ටම හදුනා ගන්න පුලුවන්.
මොනවද මේ HDL , ට්‍රයිග්ලිසරයිඩ  LDL කොලෙස්ටරෝල් කියන්නේ???... HDL කොලෙස්ටරෝල් කියන්නේ ශරීරයට හිතකර කොලෙස්ටරෝල්.මේවා වැඩි වුනා කියලා ගැටලුවක් නෑ.LDL කොලෙස්ටරෝල් ට්‍රයිග්ලිසරයිඩ වැඩි වීම තමයි අපේ ශරීරයට අහිතකර ලෙස බලපාන්නේ.

රුධිරයේ තියෙන්න ඕන ලිපිඩ මට්ටම් ගැන දැන් අපි බලමු.
මුළු රුධිර කොලෙස්ටරෝල් මට්ටම:
ඉහළ අවදානම: 240 mg / dL සහ ඊට වැඩි
දේශසීමා අධි අවදානම: 200-239 mg / dL
සුදුසු: 200 mg / dL ට අඩු
LDL කොලෙස්ටරෝල් මට්ටම:
190 mg / dL සහ ඊට වැඩි නම් ඉහළ අවදානමක් දක්වනවා.
HDL කොලෙස්ටරෝල්:
ඉහළ අවදානම: පිරිමින් සඳහා 40 mg / dL ට අඩු සහ කාන්තාවන් සඳහා 50 mg / dL ට අඩු විය යුතුයි.
ට්‍රයිග්ලිසරයිඩ:
ඉතා ඉහළ අවදානමක්: 500 mg / dL සහ ඊට වැඩි
ඉහළ අවදානම: 200-499 mg / dL
දේශසීමා අධි අවදානම: 150-199 mg / dL
සාමාන්‍ය: 150 mg / dL ට අඩු

ඔබට මේ අවධානමෙන් ගැලවීමට අවශ්‍ය ද???..
1.ඔබත් ඔබේ ජීවන රටාව වෙනස් කර ගැනීමට සූදානම ද??..
2.ආහාර පුරුදු වෙනස් කර ගැනීමට සූදානම් ද??..
3.වෛද්‍යවරයෙක් නිර්දේශ කරනවා නම් ඖෂධ ලබා ගැනීමට සූදානම් ද??...
රුධිරයේ ඇති අහිතකර මේදය අවම කර,හිතකර මේදය වර්ධනය කර ගැනීමට එසේ නම් ඔබ දැන් සූදානම්.

1.ජීවන රටාව වෙනස් කිරීම තුලින් මේදය පාලනය කිරීම
- ව්‍යායාම වල යෙදීම
-දහඩිය දමන සේ වැඩක යෙදීම
-කය වෙහෙසන ක්‍රීඩාවක යෙදීම
-බයිසිකල පැදීම හෝ වේගයෙන් ඇවිදීම

2.ආහාර පුරුදු වෙනස් කර ගැනීමට ඔබ සූදානම් ද??..
වැළකෙන්න ඕන මොන වගේ ආහාර වලින්ද??...
-මාගරින්,බටර්,කෙටි ආහාර,මස් බිත්තර කහ මදය,සම්පූර්ණ යොදය සහිත කිරි පිටි ප්‍රධාන වෙනවා

සුදුසු කෑම වර්ග මොනාද?
-පළතුරු, එළවළු,කොහිල ,පලා වර්ග වැනි ආහර වල අද්‍රාව්‍ය තන්තු අඩංගු වෙනවා.එමගින් කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීමට වැදගත් වෙනවා.

-කුලුබඩු , සුදු ලූණු ,රම්පේ ,කරපිංචා සුවදවත් රසවත් බවක් එක් කරන්න නේද ඔබ ආහාරයට එක් කර ගන්නේ.නමුත් ඔබේ අහිතකර කොලෙස්ටරෝල් මට්ටම අඩුකර ගැනීමටත් හේතුවක් වෙනවා.
ආහාරයට එක් කර ගන්නේ.නමුත් ඔබේ අහිතකර කොලෙස්ටරෝල් මට්ටම අඩුකර ගැනීමටත් හේතුවක් වෙනවා.

-ධාන්‍ය වර්ග, බෝංචි වැනි රනිල බෝග,රතු බත්,බාර්ලි,සෝයා නිශ්පාදන වගේම ඇට වර්ග වල ද්‍රාව්‍ය තන්තු අඩංගු වෙනවා.මේවා අහාර මාර්ග පද්දතියේ ඇති බැක්ටේරියා මගින් ජීරණයට ලක් වීමෙන් මේද අම්ල නිපදවෙනවා.මේ මේද අම්ල රැධිරයේ කොලෙස්ටරෝල් නිශ්පාදනය අඩු කරනවා ඒ වගේම ආහාරයේ ඇති කොලෙස්ටරෝල් මෙම තන්තුත් සමග එකතු වෙලා පිටවීමත් සිදු වෙනවා.
-ආහාරයට මාළු එක් කර ගැමීමෙන් එහි ඇති omega 3,omega 6 මේද අම්ල මගින් රුධිරයේ කොලෙස්ටරෝල් පාලනය කර ගැනීමට උපකාරී වෙනවා.



-කැනෝලා, සූරියකාන්ත, කෝන් වැනි අසන්තෘප්ත තෙල් වර්ග,ඔබ යන්තමින් බදින විට යොදා ගන්න. ඒවා එල්ඩීඑල් අඩු කිරීමට උපකාරී වේ.දැන් ඔබට මතක් වෙන්නේ පොල්තෙල් ගැන??...සන්තෘප්ත තෙල් වර්ගයක් නිසා LDL මට්ටම වැඩි වීමට පොල් තෙල් බලපානවා.නමුත් ඔබ ගැඹුරු තෙල් වල බැදීමක් සිදු කරනවා නම් ඔබ යොදා ගන්න ඕන පොල්තෙල්.පොල්තෙල් සන්තෘප්ත තෙල් වර්ගයක් නිසා අසන්තෘප්ත තෙල් වර්ග තරම් ඉක්මනට කැඩීමක් සිදුවෙන්නේ නෑ.අසන්තෘප්ත තෙල් වර්ග තාපය හමුවේ පිළිකා කාරක දේහයට අහිතකර දෑ තැනීමට හේතු වෙනවා.පොල් තෙල් භාවිතයෙන් මේ තත්ව වළක්වා අනෙකුත් තෙල් වර්ග වලට වඩා වලක්වා ගන්න පුලුවන්.

-ඇපල්, මිදි, ස්ට්රෝබෙරි, පැඟිරි වර්ගයේ පළතුරු පෙක්ටීන් වලින් පොහොසත්.පෙක්ටීන් කියන්නේ  ද්‍රාව්‍ය තන්තු වර්ගයක්.LDL කොලෙස්ටරෝල් මට්ටම අඩු කරන්න හේතුවක් වෙනවා.



-ඕට්ස්. උදේ ආහාරය සඳහා ඕට්ස් එක් කර ගැනීම කොලෙස්ටරෝල් අඩු කර ගැනීමට හොඳම පියවරක් වෙනවා.ද්‍රාව්‍ය තන්තු ආහාරය එක් කිරීම මෙමගින් සිදු වෙනවා.

කාලතුරකින් ඔබ අහිතකර යැයි නිර්දේශිත ආහාර ඔබේ ආහාර වේලට එක් කර ගත්තාට කමක් නැත.නමුත් දිනපතා ඔබ ගන්නා ආහාර පිළිබඳ සැලකිලිමත් වෙන්න ඕන.

3.වෛද්‍යවරයෙක් නිර්දේශ කරනවා නම් ඖෂධ ලබා ගැනීමට ඔබ සූදානම් ද??...කොලෙස්ටරෝල් මටටම පාලනය කිරීම ඔබට ඖෂධ මගින්ද කළ හැකියි.හැබැයි වෛද්‍යවරයෙක් නිර්දේශ කරන ආකාරයට නියමිත මාත්‍රා වෙන් යුක්තව ගැනීම සහ අවාදයකින් තොරව ඖෂධ නොගෙන සිටීම හෝ නැවැත්වීම නොකළ යුතුයි.

 ඔබත් නිරෝගී දිවියකට අවශ්‍ය ආහාර පුරුදු ඇති කර ගැනීමට උත්සාහ ගන්න.

ඇස රවටන සොබාදහමේ මායා


ඇස රවටන සොබාදහමේ මායා

 ========================


තමන් විසින්ම නිර්මාණය කර ගත් ගොඩනැගිලි තුල දවස පුරා වෙහෙසට පත් වන මිනිසා, මනස නිදහස් කර කරගන්නට පලා යාමට තැනක් සොයනවා නම් හරිම තැන සොබාදහමයි. ඔබත් මාත් සමග එකගයි නේද?...මායා කාතාන්දර ඔබ නරඹලා තියනවා ද?එහෙමත් නැත්තම් කියවලා තියනවද? ඒවගේ තිබුණ අරුම පුදුම විල්, ගංගා ,වන්නාන්තර සැබෑ ජීවිතයේ ඇත්තට තියනවද?ඒවා මායාවල්ම බව ඔබ සිතෙනවා ඇත.ඒත් මේ කියන්නට යන්නේ ඔබේ ඇස මායාවෙන් රවටන සොබාදහමේ අපූර්වත්වය ලොවට කියන තැන් සතරක් ගැනයි.

 1.දිව්‍ය ලෝකයට යන්නට පාථිවි තලයෙන් සොයා ගත්  මාර්ගය - The Stairway to Heaven

2.ලුනු දියෙන් යුතු  නීල  වර්ණයෙන්  දිලිසෙන  Hinatuan Enchanted ගංගාව 

3.අහසත් පොලවත් යා කරන අපූරු Salar de Uyuni විල. 

4.පෝලන්තයෙන් පයින් ගස් වලින් යුත් මායා වනාන්තරය 

 1.දිව්‍ය ලෝකයට යන්නට පාථිවි තලයෙන් සොයා ගත්  මාර්ගය නොහොත් the Stairway to Heaven

දිව්‍ය ලෝකයට දිවෙන මාර්ගක් පාථිවි තලයෙන් සොයා ගත්‍තා කිව්වොත් ඔබ පිළිගන්නවද?
ඇමෙරිකා එක්සත් ජනපදයට අයත් හවායි දූපතේ Oahu කලාපයේ පිහිටා තිබෙන The Stairway to Heaven මාර්ගය ඔබව දිව්‍ය ලෝකයක් කරා රැගෙන යෑමට සමත් වෙනවා.කුඩා ගරාදි වැටකින් යුත් මේ මාර්ගය අඩි 3922 කින් යුක්ත කඳු වැටි අතරින් විහි දී යන්නක්.

                        ඇමෙරිකානු නාවික හමුදාව විසින් 1942 දී යි පැසිෆික් සාගරයේ යාත්‍රා කරන නැව්වලට රේඩියෝ සිග්නල් සැපයීමට අවශ්‍ය පහසුකම් සැපයීම සඳහා මෙම මාර්ගය නිර්මාණය කරලා තියෙනවා.ඒ කාලේ මෙම මාර්ගය පළමු ගණයේ රහස් මාර්ගයක් ලෙසට යොදා ගෙන තියෙනවා.1950 දී එකී නාවුක මූලස්ථානය ඉන් ඉවත් කරගැනීම සිදු වුණා.ඉන් පසු එතෙක් පැවති ලී පඩි ගලවා, ඒ වෙනුවට යකඩ පඩි ඇල්ලීම සිදුවෙනවා. මේ භූමියෙහි අයිතිය පවතින්නේ Honolulu Board of Water Supply වේ. මෙම කඳු මාර්ගය තරණය කරන්නන් සම්බන්ධ ව බලතල ක්‍රියාත්මක කළ හැකි ආයතනය වන්නේ ඔවුන්‍ වේ. ඔවුන්ගේ නීතිමය ප්‍රතිපාදනයන්ට අනුව, මෙකී මාර්ගය තරණය කරන්නන් විසින් එසේ කිරීමට පෙර සිය ජීවිතය පිළිබඳ පවත්නා අයිතීන් අත්හරිමින් ලියමනක් අත්සන් කළයුතුයි.ඒ වගේම ඩොලර් මිලියනයක වගකීමකින් යුතු රක්ෂණාවරණයක් ඉදිරිපත් කළ යුතු වෙනවා. තමන්ගේ ආවරණ කලාපය තුළ දී යමෙකුට විපතක් වූහොත්, තමන්ට එරෙහිව නඩු පැවරීමට පවත්නා ඉඩ ප්‍රස්ථාව හේතුවෙන් තමයි ඔවුන්‍ට මෙසේ සිදු කිරීමට සිදුව ඇත්තේ.  2002 දී මෙය මෙම  ආරක්ෂිත ලෙස සකසා ජනතාව සදහා ව්වෘත කිරීමට අදහස් කර තිබුනා. ඒත් ආරක්ෂාව ගැන පවතින ගැටලු හමුවේ නිළ වශයෙන් විවෘත කිරීමක් සිදු වුනේ නැත.ගමන් මාර්ගය ඉහළට නැගෙන ආකාරය ඉතාමත් අවදානම් සහගත ගමණකි.

එහි ඇති සුන්දරත්වයත් මාර්ගය හරහා ගමන් කරන විට  දෙව්ලොව තුල වලාකුලු අතරින් ගමන් කරන හැගීමක් ඇති කරයි.අඟල් 18ක් පළල පඩි මතින් අඩි 4000ක කඳු නැග්මක් මෙහිදි සිදුකිරීමට තිබේ.2015 දී ඇති වූ දරුණු කුණාටු තත්ත්වයක් හේතුවෙන් පඩිපෙළෙහි ස්ථාන කිහිපයකට දැඩි හානි සිදු වුනා. පියගැට ගණනාවක් ම කැඩී ඉවත් වූවා. යම් හෙයකින් අත්වැරැද්දක් සිදු වුවහොත් ස්වර්ගයට දිවෙන  මාර්ගය, මරණයේ දොරටුවක් වීමේ හැකියාවෙන් ද යුක්ත යි. මේ මනරම්  ත්‍රාසයජනක කඳුකර මාර්ගය අවසාන වන්නේ ඈත මිටියාවතක අදාහාගත නොහැකි දර්ශනයක් පෙන්වමින්.
කඳු මුදුන මත  ආරම්භයේ දී ඇමෙරිකානු නාවික හමුදාව විසින් නැව්වල සන්නිවේදන කටයුතු සඳහා යොදාගන්නා ලද ‍උපකරණවල දිරාපත් වූ කොටස්ද තවම පවති. මෙහි යන කාගේත් තවත් බලාපොරොත්තුවක් වන්නේ ඉර සේවය නැරඹීමයි.

 2.ලුනු දියෙන් යුත්  නීල  වර්ණයෙන් දිලිසෙන ජලයෙන් යුත් හිනාටුයන් එන්චාන්ටඩ් (Hinatuan Enchanted) ගංගාව
                                                                                                මෙම ගංගාව අපට හමුවන්නේ පිලිපීනයෙන්. පිලිපීනයේ Hinatuan නගරයේ සිට කි. මී. 14ක් පමණ දුර Barangays Talisay හා Cambatong යන ගම් දෙක අතර මෙය පිහිටනවා.ලුනු දියෙන් යුක්ත Hinatuan Enchanted ගංගාව අවසන් වෙන්නේ පැසිපික් සාගරයෙන්. මෙම ගංගාව ගැඹුරින් අඩි 80ක්. ඒ වගේ ම සාමාන්‍ය ගංගාවකට වඩා දිගින් අඩුයි. මෙම ගංගාවට ජලය සැපයෙන්නේ කුමන ජල පෝෂකයකින්ද කියන කරුණ තාමත් සොයා ගැනීමට නොහැකි අභිරහසක්. මෙම ස්ථානය කාගේත් වැඩි ආකර්ෂණයක් දිනාගැනීමට හේතු වී ඇත්තේ ගංගා ජලයෙහි පවත්නා විශේෂිත නිල්වන් පැහැය යි. කොළ පැහැති තණ පිටියකට මැදි ව ගලා යන දීප්තිමත් නිල් පැහැති කාගේත්  ආකර්ෂනය කරගැනීමට සමත් දසුනක්. විනිවිද පෙනෙන නිල්වන් ජලයෙහි ඒ මේ අත පිහිනන මාළුවන්ගේ දසුන සංචාරක සිත් කුල්මත් කිරීමට සමත්.
 එපමණක් නොවෙයි ගංගාවෙහි දියට යටින් පෙනෙන නොයෙක් ආකාරයේ හැඩතල බොහෝ දෙනාගේ විශේෂ අවධානයට බඳුන් වනවා. මෙම ගංගාව ලොවට අනාවරණය වීමට පෙර මෙම ප්‍රදේශය කෙරෙහි එතරම් දැඩි සංචාරක ආකර්ෂණයක් පැවතියේ නැහැ. එසේ පැවතියා නම් ඒ හිනාටුයන් මුහුදු බොක්ක නැරඹීමට පැමිණි සංචාරකයන් කිහිප දෙනාගෙන් පමණයි. එතෙක් ඒ ආශ්‍රිත ව පැවතියේ ද ලැගුම්හල් කිහිපයක් පමණයි. 3

3.අහසත් පොලවත් යා කරන අපූරු - Salar de Uyuni විල.
 මේ මායාකාරී දරශන තලය අපට හමුවෙන්නේ බොලිවියාවෙන්.ලුණු විලක්,කැඩපතක් වගේම අහසත් පොලවත් යා කරන ලොව පවතින එකම තැන මෙයයි.Salar de Uyuni කියන්නේ බොලිවියාවේ පවතින විශාලම ලුණු විලයි.කැඩපතක් ලෙසට දිස් වෙන මෙය කි.මී 10,582 පූරා විහිදි පවතිනවා. මේ අසල සිට ගෙන සිටින කෙනෙකුට තමාගේ රූපය මේ හරහා පැහැදිලිවම බලා ගන්න පුලුවන්.මෙහි පවත්නා ලුණු ස්ථරය ඇතැම් අවස්ථාවන්හි දී මීටර් 10ක් තරම් ඝනකමට මිදී පවතිනවා.මෙය ජලය සහ ලුණු ස්ථරයන්හි මිශ්‍රණයකින් තමයි හැදිලා තියෙන්නේ.මෙම භූමිය විශේෂිත භූ ස්ථර සංයෝජනයක් පවතින බවයි ප්‍රකාශ වෙන්නේ.තවත් විශේෂ ගුණාංගයක් වෙන්නේ කාලයන් දෙකක ස්වරූපයන් දෙකක් දක්නට ලැබීම.එක් කාලයක දී මෙම භූමිය ලුණු වියලුණු ,ලුණු ගොඩැල්ලක් ලෙසින් දිස්වනවා.මැයි මාසයේ සිට නොවැම්බර මාසය දක්වායි මෙසේ දිස්වන්නේ.ඉතිරි  කාලයක දී මෙය දිස්වන්නේ තෙත් ස්වභාවයකින්.තෙත් කාලයෙදී දී ලුණු තට්ටුව මතු පිටින් කුඩා ජල ස්ථරයක් පවතිනවා. නමුත් භූමිය මතින් වාහනයක් වුවත් ධාවනය කළ හැකියි.මැයි මස සිට නොවැම්බර් මස දක්වා කාලය තුළ මෙහි ලුණු දිය වාෂ්පවීමට ලක් වෙනවා.
ලොව විශාලතම ලුණු විල පමණක් නොවෙයි, ලොව විශාලතම ලිතියම් සංචිතය පවතින්නේත් මෙම කලාපයේ යි. ලිතියම් ප්‍රමාණයෙන් 50% - 70%ත් අතර ප්‍රමාණයක් සැපයෙන්නේ මෙම ප්‍රදේශයෙන්.

4.පෝලන්තයෙන් පයින් ගස් වලින් යුත් මායා වනාන්තරය

මේ මායා වනාන්තර අපට හමුවන්නේ පෝලන්තයෙන්.මෙය පයින් ගස් 400 කින් යුක්ත වෙන වනාන්තරයක්. ඉතින් මෙහි තිබෙන විශේෂත්වය කුමක්දැයි ඔබට සිතෙනු ඇත.එයට හේතුව මෙම පයින් ගස් වල ඇති විශේෂිත බවයි. මෙම පයින් ගස් සියල්ලම එකම ආකාරයෙන් වක ගැසුණු ස්වභාවයකින් යුතු වෙනවා. මෙම ගස් වල පවතින 90 අංශක නැම්ම හටගෙන තිබෙන්නේ ශාකයේ මුල සහිත ප්‍රදේශයෙනුයි.මේ හේතුවෙන් ගසට ලැබෙන්නේ “C” අක්ෂරයක හැඩය යි.මෙම පයිනස් ගස් වටේට සාමාන්‍ය පයිනස් ගස් කලාපයක් ද දක්නට ලැබෙනවා.පෝලන්තයේ වයඹදිගින්, ජර්මානු දේශසීමාවට ඉතා ආසන්න ව, ග්‍රිෆිනෝ නගරයේ Nowe Czarnowo ගම්මානයේ මෙය පිහිටා තිබෙනවා. මෙය ස්භාවික වනාන්තරයක් යැයි ඔබ සිතුවද??.... නැත.මෙහි පවතින ගස් සිටුවා තිබෙන්නේ 1920 දශකයේ අගභාගයෙහි හෝ 1930 දශකයේ මුල් භාගයෙහි වෙනවා. මෙම පයින් ගස් විකෘති ස්වභාවයෙන් වැඩුණේ කෙසේ ද යන්න අදටත් ප්‍රශ්නයක්.

මීට හේතුව ලෙස සලකන මතයන්..
-දෙවන ලෝක යුද සමයේ යුදමය ක්‍රියාකාරකම්වලින් මෙම ප්‍රදේශයට වූ බලපෑම් නිසා මෙසේ විකෘත වැඩීමක් සිදු වූ බව යි.  යුද ටැංකි නිතර මෙම ප්‍රදේශය හරහා ගමන් කර ඇති අතර වැඩෙමින් පැවති කුඩා පයිනස් පැළ මතින් ද ඒවා ගමන් කිරීමෙන් මෙසේ වී ඇති බවයි. තවත් මතයක් වන්නේ  එවකට පැවති දරුණු හිම පතනයක් නිසා වැඩෙමින් පැවති පයිනස් පැළැටි මතට එකී හිම කැටි වැටී ඇති කරන ලද පීඩනය හේතුවෙන් මෙම වකගැසීම සිදු වූ බව යි.                                                           
-මැනිටෝබා විශ්ව විද්‍යාලයේ (University of Manitoba), ශාක පිළිබඳ විද්‍යාඥයෙකු වූ ආචාර්ය විලියම් රැම්ප්‍රේගේ අදහස දී ජාන විකෘතිතාවක්  නිසා මෙය ඇති වූ බවයි. නමුත් මේ පිළිබඳ දක්වන අනෙකුත් මතයනුත් ඔහු ප්‍රතික්ෂේප නොකරයි. මෙම සියලු ගස් උතුරු දෙසට හැරී තිබෙන්නේ ඇතැම්විට අහම්බයකින් විය හැකි බව ඔහු ප්‍රකාශ කරයි.

-ගුරුත්වාකර්ෂණ විෂමතාවක් හේතුවෙන් මෙය ඇති වූ බව ‍අද වන විට මූලික පිළිගැනීමක් බවට පත් ව තිබෙනවා.

-තවත් එතරම් අවධානයට ලක් නොවූ මතයක් වන්නේ මෙය පිටසක්වල බලපෑමක් සහිත ප්‍රදේශයක් වූ බවත්,

- නමුත් මෙම වන විකෘතිතාව පිළිබඳ පිළිගත හැකි වඩාත් සාධාරණ සහ තර්කානුකූල මතයක් ද ඉදිරිපත් වී තිබෙනවා. එයට අනුව මෙම ශාකවල විකෘතිතාව වන රෝපකයන් විසින් සිතාමතා ඇති කරන ලද්දක්. අධික වක්‍ර සහිත නැවුම් දැව භාණ්ඩ නිර්මාණය කිරීමටත්, නැව් සැකසීම සඳහා සැපයීමට මේවා රෝපකයන් විසින් උපක්‍රමශීලී ව නිර්මාණය කරගන්නට ඇති බවත් මේ අනුව විශ්වාස කෙරෙනවා.

අපි සියලු දෙනාගේ අයිතිය සොබාදහම සතුයි. සොබාදහම මෙතරම් අපූරු වට සැකසුනේ කෙසේ දැයි කාටත් ප්‍රශ්න යකි.ඒ අතර සාමාන්‍ය පරිසර පද්දතියෙනුත් විකෘති වී කලාතුරකින් දක්නට ලැබෙන මෙවැනි දර්ශන පතයක් තවත් විශ්මයක් කුතුහලයක් අපේ හද තුළ ඇති කරනට සමත් වෙනවා.

Taj Mahal - UNSCO World Heritage Centre



ඉන්දියාවේ ටජ්මහල, ආදරයේ සදාකාලික ස්මාරකයකය, ඔබ දන්නෙත් එසේ නේද??... ඒත් එය දැවැන්ත අදුරු අතීතයකට හිමිකම් කියන කිරිගරු සොහොන් කොතක් කිව්වොත් ඔබ පිළිගන්නවාද???...

මෙහි යටගියාව අවදි කිරීම අපි මෝගල් අධිරාජ්‍යයෙන්ම පටන් ගමු.1628 වර්ෂයේ මෝගල් අදිරාජ්‍යය සිංහාසන පාලනය කරේ ෂා ජහාන් රජු.ෂා ජහාන්ගේ පාලන සමයේදී මෝගල්වරු ඔවුන්ගේ බලයේ සහ ධනයේ ඉහලම අවස්තාවකයි හිටියේ.

මුම්ටාස් රැජිණ කවුද ඇය??...
කොතරම් රැජිනියන් හිටියත් ෂා ජහන් රජුගේ හිත තිබ්බේ මුම්ටාස් රැජින ළග.1631වර්ෂයේදී  දී දරු ප්‍රසූතියක් සදහා ඇය සූදානම් වුණා.මරණය ඇයව සොයා ගෙන ආවේ මේ අවස්තාවේදීයි.ඕනම දෙයක් ඇය වෙනුවෙන් ඉටු කිරීමේ බලයක් ෂා ජහන් රජුට තිබුනා. නමුත් මුම්ටාස් මහල්ගේ මරණය නැවැත්වීමට මාරයා පරද්දන්නට හැකියාවක් පමණක් ඔහුට තිබුණෙ නෑ. ඔහුට හැකි ලස්සනම සොහොන් ගෙය ඇය වෙනුවෙන්  ඉදිකරන බවට පොරොන්දුවක් දුන්නේ මේ අවස්ථාවේයි.


ඉතින් ඇයි මේ ටජ් මහල මේ තරම්ම ප්‍රසිද්ධ???..ප්‍රමයේ ස්මාරකයක් නිසාමද??..නැත.
මෙහි පිහිටීම - ඉන්දියාවේ අග්‍රාහි යමුනා ගගේ ඉහළ තීරයේ සුන්දර වූ පරිසරයක පිහිටලා තියෙනවා.
හදලා තියෙන්නේ - පිරිසිදු සුදු කිරිගරු වලින්
ගෘහ නිර්මාණය ශිල්පය -  ආරුක්කු හා ගෝලාකාර පැතිකඩ නිරූපනය වෙනවා.ඒ වගේම,අලංකාර ටජ්මහල්හි වේදනාකාරී තොරතුරු වලින් සමන්විත වෙනවා,තැන්පත් කර ඇති අර්ධ ගල් හා කැටයම් සහ අක්ෂර වින්‍යාසයෙහි කුරානි පදයන් වලින් යුක්ත වෙනවා. එය ධනවත් අධිරාජ්‍යයක කලාත්මක හා විද්‍යාත්මක ජයග්‍රහණ පිළිබඳ සදාකාලික සාක්ෂියක්.


ඉදිකිරීම -  ටජ්මහල ඉදිකිරීම සඳහා ඉන්දියාව පුරා සහ තුර්කිය හා ඉරාකය දක්වා වූ ගල් කැටයම්කරුවන්, පෙදරේරුවන් සහ කලාකරුවන් 20,000 ක් ගෘහ නිර්මාණ ශිල්පීන් කණ්ඩායමක් යටතේ යොදවා ගත්තා. 
ඔවුන් 1631 සහ 1648 අතර කාල වකවානුව තුල ලෝකයේම ලස්සන ගොඩනැගිලි වලින් එකක් සම්පූර්ණ කිරීමට සමත් වුනා.කඩා වැටීමකින් වුවත් ප්‍රධාන සොහොන් ගෙය ආරක්ෂා වන අයුරින් මෙය සැලසුම් කර තිබෙනවා.
මේ කතාවේ දුක් බර කොටස මෙතනින් අවසන් වෙනවා යැයි ඔබට සිතෙනු ඇත.නමුත් ෂා ජහන් රජුගේ දෛවය ලියවී තිබුනේ නරක අතකටය.
ෂා ජහාන් තම ජීවිතයේ අවසානය දක්වාම එම සුන්දර රූපය දෙස බලා සිටියා.නමුත් ඒ සිරකරුවෙකු ලෙස මිස පාලකයෙකු ලෙස නම්  නොවේ.ඔහුගේම පුත් රන්සිබ් මෝගල් සිංහාසනය අල්ලා ගත්තා.තම පියා අග්‍රාහි රතු කොටුවේ සිරගත කළා.එතන් පටන් අවසානය දක්වා ඔහු තම ජනේලයෙන් ටජ් මහල දෙස බලාගෙන වූවා.ඔහුගේ සොහොන් බිමත් ටජ් මහල තුලම සෑදීමට රන්සිබ් මෝගල් රජු තීරණය කරලා තිබුනා.ටජ් මහලේ අදුරු අතීතය අප හාරා හමාරය.

ටජ්මහල 1983 දී යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් ලෙස නම් කරන ලද්දක්,ඉන්දියාවේ මුස්ලිම් කලාවේ ආභරණ සහ ලෝක උරුමයේ විශ්වීය වශයෙන් අගය කරන ලද විශිෂ්ටතම ගොඩනැගිල්ලක් ලෙසයි මෙය සැලකෙන්නේ.
සෑම වසරකම මිලියන තුනක් පමණ ජනයා ටජ්මහල නැරඹීමට පැමිණෙනවා.එලෙසම වසර පුරා ජනතාව වෙත විවෘත්ත කර ඇති මෙය සිකුරාදාට පමාණක් වසා තබනවා.


සදාකාලික වූ කිසිවක් නොමැති ලෝකයක ඇති සදාකාලික ආදරයේ ස්මාරකය ටජ් මහල ලෙස හැදින්වූවාට වරදක් නෑ නේද??😋මේ පිළිබඳ අදහස් ඇති ඒ වගේම ඔබත් දන්නවද මේ අද්විතීය සොහොන් කොත ගැන..අපත් සමග ඔබේ අදහස් බෙදා ගන්නට කරන සුහද ඇරයුමයි මේ...🔽Comment section


Triangle ( 2009 )

TRIANGL......තුන්මුල්ල,ත්‍රිකෝණය කියලත් හදුන්වන්න පුලුවන්,ඇත්තටම මේක අභිරහස් ත්‍රිකෝණයක්...ක්‍රිස්ටෝහ්පර් ස්මිත් විසින් රචනා කොට අධ්‍යක්ෂණය කරන ලද මෙලිසා ජෝර්ජ් සහ මයිකල් ඩෝර්මන් රඟපෑ  මනෝවිද්‍යාත්මක ත්‍රාසජනක චිත්‍රපටයක්. මෙම චිත්‍රපටය එක්සත් රාජධානියේ 2009 ඔක්තෝබර් 16 වන දින නිකුත් කරන ලද්දක්.....ඔබ මේක බලලත් ඇති,ඒත් 

TRIANGLE කියවලා තියනවද???...
කියවමුද එහෙනම්...
ජෙස්,ඇය මවකි. ඇගේ එකම පුතු ටොමී.ඔහු ඔටිසම් රෝගයෙන් පෙලෙන කුඩා දරුවෙක්.ග්‍රෙග්,කවුද ඔහු?..ඇගේ එක් මිතුරෙක්.
-------------------------------------------------------------------
ජෙස්,ටොමීත් නොමැතිව ෆ්ලොරිඩාවේ වරායට පැමිණෙනවා.ටොමි පාසලේ සිටින බව කියන ඈ ග්‍රෙග්ගේ රුවල් බෝට්ටුවට ගොඩවෙනවා.

ඇත්තද ඇය කියන්නේ???....කියවලාම බලමු.මිතුරන් හයකින් යුත් මේ පුංචි කණ්ඩායම රුවල් සවාරියක් යන්නෙයි මේ සැරසෙන්නේ.නමුත් අයහපත් කාළගුණය මොවුන්ට සරදම් කරනවා.අවසානයේදී,තම නැව අතහැර සාගර නෞකාවකට ගොඩවන්නටයි මේ අයට සිදුවෙන්නේ.  
බැලූ බැල්මට කාටත් පෙන්නේ 

මේක පාලු නැව්වැක්,ඒත් ඒ ඇත්තටම ??...
කෑම කාමරයේ නැවුම් ආහාර තිබේන,රග මඩල් වලින් යුත් අපූරු නවාතැනක්. 

අයොලස්...ඒ මේ නැවේ නම.ඉතින් ඔවුන් ගොඩක් සතුටු වෙන්න ඇති නේද??..කොහෙත්ම නෑ...යමෙකු ඔවුන් ලුහු බදින බවයි ඔවුන්ට නිතරම හැගී යන්නේ.අවසානයේදී වෙස්මුහුණු වෙඩික්කරුවෙකු මේ කතාවේ මතු වෙනවා.ඔහු ඔවුන්ව මරා දැමීමට තැත් කරනවා.

කවුද ඔහු??..අපිට වගේම මොවුන්ටත් ඒක ගැටලුවක් වෙනවා,කිසිදු වරදක් නොකරම ජීවිතයෙන් වන්දි ගෙවීමට මොවුන්න්ට සිදු වෙනවා.නමුත් ජෙස් හැර...ඇය සටන අතහරින්නේ නෑ මොනා වුනත්,අවසානයේ දී වෙඩික්කරුවා නිරායුධ කරනවා.කවුද මේ වෙඩිකරු පැනයට පිළිතුර ලැබෙන්නේ මෙන්න මෙතනදී,ඔහු නෙවෙයි ඇය,ඇයත් ජෙස් කෙනෙක්,ඇය ජෙස්ට කියනවා

"ඔබ ඔවුන්ව මරා දැමිය යුතුයි; ගෙදර යෑමට ඇති එකම මාර්ගය එයයි".ඇය ඇයට පවසන්නේ එපමණ යි. ඇය මුහුදට වැටෙනවා.ජෙස්ට ඊළගට පේන්නේ මොකද්ද??...ග්‍රෙග්ගේ උඩු යටිකුරු කළ බෝට්ටුවේ තමා සහ අනෙක් අය ජීවතුන් අතර සිටිනු ජෙස්ට පේනවා. ඔවුන් හදන්නෙත් මේ නැවට ගොඩවෙන්නයි.ඔවුන් ගොඩ වූ පසු,ජෙස් කලින් නොපෙනෙන වෙඩිකරු බවට පත් වන බව ඇයට වැටහෙනවා.ඇයට වෙඩික්කරුගේ ඇඳුමේ අනුපිටපත් දුසිම් ගණනක්, ඇගේම ලොකට්ටු දුසිම් ගන්නක් හමු වෙනවා. ඇයට ගෙදර යාමට හැකි තම දරුවාව බලන්න පුලුවන් එකම මග ඇය සොයා ගන්නවා.මොකද ඒ??ඔවුන් නැවට ගොඩ වූ පසු ඔවුන් සියල්ලම මරා දැමීම.මේක වෙන්නේ රටාවකට,ඇය "රටාව වෙනස් කිරීමට" අදහස් කරන්නට අදහස් කරනවා,ගෙදර යෑම නොසලකා,එය ඇය තුල පහල වන ජේෂ්ඨ අදහසක්.

නමුත් ඇයට හැකි වේද???
ඇය  වෙඩික්කරුවෙකු වෙනවා,තමන්ගේ යහලුවන් වෙනුවෙන්.නමුත් සිදුවන්නේ කුමක්ද??.. එය වළක්වා ගැනීමට නොහැකිව මංමුලා සහගතව සිටින ජෙස්, මුල් ලූපයේ සිටි  සියල්ලම මරා දැමූ ජෙස් බවටම පත් වෙනවා,ඇයත් සියල්ලන්ම මරා දමා හෝ ගෙදර යෑමට අදහස් කරනවා.සියල්ලම මරා දමන ජෙස් තම අලුත් ජෙස්ගෙනුත් සියල්ලන්ව මරා දමා ගෙදර යෑමට අවස්තාවක් ලබා ගන්නා ලෙස කියා ඇය නැවෙන් වැටේ.

ඇයට ගෙදර යන්නට ඇත්තටම හැකිවේද ??...
ඇය වෙරලට සේන්දු වන්නෙ උදෑසනකයි.ඇය යන්නේ ඇගේ ගෙදරටයි.දරුවාව ලබා ගැනීමේ අරමුණින්.නමුත් එහි තවත් ජෙස් කෙනෙකි.දොරේ සීනුව නාද කරන ඇය 2 වන ජෙසිගේ අවධානය වෙනතකට යොමු කර, ඇයව මරා දමයි, 

මළ සිරුර කාර් එකට දමා ගන්න ඇය ටොමිත් සමග පිටත් වෙයි.ඇය තවමත් ලූපයේ සිරවී සිටින බව සිතමින් කරය පදවන ඈ අතින් ට්‍රක් රථයක කාරය හැපී ටොමී මරනයට ලක් වේ.

නැවත දරුවාව ලබා ගැනීමට කල හැක්කේ කුමක්ද?.. නැවතත් ලූපය ක්‍රියාත්මක කිරීම නොවෙයිද?ඇයට කල්පනාවට නැගෙන්නේත් එයයි,නැවත ඈ ටොමී නොමැතිව ෆ්ලොරිඩාවේ වරායකට පැමිණෙනවා.ටොමි පාසලේ සිටින බව කියන ඈ ග්‍රෙග්ගේ බෝට්ටුවට ගොඩවෙනවා.....

ත්‍රාසය රසයෙන් මුසු වූ මේ අපූර්වත චිත්‍රපටය වචනයේ පරිසාමාත්තියෙන්ම කියනවා නම් සුපිරිම චිත්‍රපටයකි...කතාව ඔබ දන්න නිසා එය බැලීම නීරස වේ යැයි ඔබටත්  සිතනවාද??..කිසිසේත්ම නැත.සුළු ජේද ගනනකින් එහි සැබෑ රසය පාඨකයාට කා වැද්දීමට විශ්මකර්මකරුවෙකුටවත් නෙහැක,යන්න මාගේ අදහසයි.ඔබත් නරඹන්න.සිංහල subtitles මේ සදහා ලබා ගත හැකි අතර torrent file එකක් ලෙස මෙය පහසුවෙන් බා ගැනීමට ඔබට හැකියාව ඇත.ඔවේ ගැටලු, අදහස් අප වෙත ඉදිරිපත් කරන්න.එය අපට ලබා දෙන ගෞරවක් ලෙස සැලකේ.❤️

Jack Ma - Chinese Business Magnate

ජැක්_මා....ඇත්තටම_කවුද මොහු???...
මොහු තමයි ලෝකප්‍රකට Alibaba සාමාගමේ නිර්මාතෘවරයා.මේ කතාව කියවන ඔබටම තේරෙයි...හිරු පායන්නෙ පහුවෙනිදා නම් ඔබ හෙට ජීවිතය අත හැරියොත්?මොකද වෙන්නේ??🤔...කවදාවත් අයේ ආලෝකය දකින්න බැරි වෙයි.ඒ වගේම මෝඩයෙක් වෙනවට වඩා පිස්සෙක් වෙන එක හොදයි කියලත්...😂

පුංචි ජැක්මා...
1964 වර්ෂයේ චීනයේ මා යුන් හෙවත් ජැක් මා උපත ලැබුවා.කුඩායේ සිටම බොහොම දගකාර චරිතයක් වුනු මොහු අමුතු ආකාරයේ අදහස් දරන්නෙක් උනා.ඇත්තටම කිව්වොත් මොහු ලෝකයට පිස්සෙක් වුනා.

දෛවය...අපොයි ජැක්මට නම් කරේම සරදම්.....
- ප්‍රාථමික පාසලේදි ඔහු දෙවරක්ම අසමත් වුනා.
-  උසස් පාසලේ පරීක්ෂණයත් තෙවරක් අසමත් වුණා.
- විශ්ව විද්‍යාල ප්‍රවේශ විභාගයත් දෙවරක් අසමත් වුණා.
- මුලින්ම ඔහු පොලිසියට බැඳෙන්න අයදුම් කරා.එහිදි ඔහුත් එක්ක සම්මුඛ පරීක්ෂණයට ඉදිරිපත් වුණු සියළු දෙනා සමත් වුනා.ඒත් ජැක්??.. අසමත් වුනා.
- ඊට පසු ඔහු KFC හි කළමනාකාර ධූරයට ඉල්ලුම් කරා. ඔහු සමග ඉල්ලුම් කෙරූ ඉතිරි 23 දෙනාගෙම අයදුම් පත්‍ර තෝරාගත්තා.ඒත් ජැක්ගේ අයදුම්පත්‍රය?.. ප්‍රතික්ෂේප වුනා.

ඒත් දෛවයත් එක්ක ජැක් කරන සටන නවත්වන්න ඔහු තීරණය කරේ නෑ.
කෙසේ හෝ ඔහු විශ්ව විද්‍යාලයට ඇතුළු වෙලා ගෞරව උපාධියකුත් හිමි කර ගත්තා.ජැක්මා එක අවස්ථාවක ප්‍රකාශ කර සිටියේ..

“මම හාවඩ් විශ්ව විද්‍යාලයට දහ වතාවක් අයදුම් කළා. ඒ දහ වතාවෙම මාව ප්‍රතික්ෂේප වුණා. ඒත් මං මටම කියාගත්තා කවදාහරි දවසක ඒ විශ්ව විද්‍යාලයේ ඉගැන්වීමට යා යුතුයි කියා.”
                                               
ඔහු ඔහුට ඇති දුර්වල තාවයන් මොනාද ඔහු මොනාටද  දක්ෂ කියලා පැහැදිලිවම හදුනා ගත්තා.ජැක් ඉංග්‍රීසි භාෂාවට අති දක්ෂයෙක් වුනා.ඔහු ඒක උපයෝගී කර ගෙන විදෙස් සංචාරකයන්ට මඟ පෙන්වන්නෙක් විදිහට කලක් කටයුතු කරා.මෙහිදී හඳුනාගත් ඇතැම් විදේශිකයන් එක්ක පෑනේ මිතුරන් ලෙස ලිපි හුවමාරු කර ගනිමින් සබඳතා ශක්තිමත් කර ගැනීමටත් ඔහු කටයුතු කරා.ඒ වගේම ඔහු තායි-චි (Thai-Chi) සටන් කලාවට වැඩි කැමැත්තක් දක්වනවා.ඔහු පෞද්ගලික ජීවිතයේ සහ ව්‍යාපාර වලදී සමබරතාවය පවත්වා ගැනීමට එය යොදා ගන්නවා.

උපාධිය ලබා ගත් ඔහු දේශීය විශ්ව විද්‍යාලයක ඉංග්‍රීසි විෂය පිළිබඳ ආචාර්යවරයෙක් ලෙස කටයුතු කරනවා.ජැක් අන්තර්ජාලය ගැන දැනගන්නෙ 1995දී,ඒ පරිවර්තකයෙකු ලෙස ඇමරිකාවට ගිය ගමනේදීයි. මොහුට ඊලගට අහන්න ලැබෙන්නේ  බිලියන ගණනක ජනගහණයක් සිටින චීනයේ අන්තර්ජාලය භාවිතා නොවන බව.ඉතින් ජැක්ට මොකද්ද ඊලගට මතක් වෙන්නේ.?.කොයිතරම් විශාල ව්‍යාපාර අවස්ථාවක්ද උදා වෙලා තියෙන්නෙ කියන කාරණය. ඔහු මිතුරන් සමඟ එකතු වෙලා “Chinapage” නමින් චීනය සහ චීන නිශ්පාදන ගැන සඳහන් වෙන වෙබ් පිටුවක් ආරම්භ කරනවා.පසු කාළීනව ඔහු  Alibaba නාමය යටතේ Alipay සංකල්පය හඳුන්වා දෙනවා. බැංකුවක අනුමත කිරීමකින් තොරව ව්‍යාපාර කටයුතු වලදී මුදල් ගනුදෙනු කළ හැකි මේ ක්‍රමය අද වන විට PayPal සේවාවට වඩා වැඩිපුර භාවිතාවට ලක්  වෙනවා.ඒ වගේම ඔහු වැදගත් පුද්ගල සබඳතා ගොඩනගා ගන්නවා.


ඔහු එක් අවස්ථාවක ප්‍රකාශ කර සිටියේ...
“මං හිතන්නෙ අපි මෝඩයො වෙනවට වඩා පිස්සො වෙන එක හොඳ බවයි. සාම්ප්‍රදායිකව හිතන කෙනෙක් එක්ක බොහෝ අය එකඟ වෙනවා,ඔහුව විශ්වාස කරනවා. නමුත් එවැන්නෙකුට කවදාවත් ලෝකයට අළුත් යමක් දෙන්න අවස්ථාවක් උදා කර ගන්නේ නෑ. ඇත්තෙන්ම එච්චර මෝඩ වෙනවට වඩා පිස්සු වෙන එක වටිනවා.”

බාදා හැල හැප්පීම් ජීවිතයට ආශිර්වාදයක් කර ගෙන,තමන් තුල ඇති දක්ෂතා දුර්වලකම් නිවැරදිව හදුනාගෙන ජීවිතය ජය ගත් මේ අපුරු මිනිසාගේ දැක්ම ඔබත් කියවන්න කැමති ඇති...

පරාජයන් හා බිඳවැටීම් වලදී සමාජයට චෝදනා කිරීමෙන් වළකින්න.ඒ තුළින් නැඟී සිටීමේ ආත්ම ධෛර්යය ඇති කර ගන්න. කිසිවෙකු ඔබේ චෝදනා හා කඩා වැටීම් වලට කන්දෙමින් ඔබ ළඟ රැඳී නොහිටීවි. ඔබ ඔබ තුළම ඇති බලාපොරොත්තු දල්වා ගත යුතුයි. කවදාවත් සටන් අතහරින්න එපා! අද දවස හුඟක් අමාරු වේවි, හෙට ඊටත් වඩා දරුණු වේවි. ඒත් හිරු පායන්නෙ පහුවෙනිදා නම් ඔබ හෙට ජීවිතය අත හැරියොත්?..... කවදාවත් ආලෝකය දකින්න බැරි වෙයි.”

මේ තමයි ඒ අපුරු මිනිසාගේ දැක්ම..ඔබත් උත්සාහ ගන්න.අතනොහරින්න.ලෝකයට වැඩදායි අපූරු මිනිසෙක් වෙන්න.

ස්තූතිය..ඔබේ රසාස්වාදය වැඩිදුයුණු කරමින්,දැනුමට දෙයක් එක් කිරීමට ගන්නා පුංචි වෑයමකි.ඔබ මේ අපූරු මිනිසා ගැන තවත් දේ දන්නේද??...ඔබේ දැනුම අප හා බෙදාගන්න...❤️

Global Teacher Prize 2019 - Peter Tabichi

ඔබටත් ඔබේ ජීවිතය තුළ ගුරු උත්තමයන්වහන්සේලා කියන්න පුලුවන් ගුරුවරු මුණ ගැහිලා ඇති.සමහර විට මේ article එක කියවන ඔබ ගුරුවරයෙක් වෙන්නත් පුලුවන...