Wednesday, October 2, 2019

Jack Ma - Chinese Business Magnate

ජැක්_මා....ඇත්තටම_කවුද මොහු???...
මොහු තමයි ලෝකප්‍රකට Alibaba සාමාගමේ නිර්මාතෘවරයා.මේ කතාව කියවන ඔබටම තේරෙයි...හිරු පායන්නෙ පහුවෙනිදා නම් ඔබ හෙට ජීවිතය අත හැරියොත්?මොකද වෙන්නේ??🤔...කවදාවත් අයේ ආලෝකය දකින්න බැරි වෙයි.ඒ වගේම මෝඩයෙක් වෙනවට වඩා පිස්සෙක් වෙන එක හොදයි කියලත්...😂

පුංචි ජැක්මා...
1964 වර්ෂයේ චීනයේ මා යුන් හෙවත් ජැක් මා උපත ලැබුවා.කුඩායේ සිටම බොහොම දගකාර චරිතයක් වුනු මොහු අමුතු ආකාරයේ අදහස් දරන්නෙක් උනා.ඇත්තටම කිව්වොත් මොහු ලෝකයට පිස්සෙක් වුනා.

දෛවය...අපොයි ජැක්මට නම් කරේම සරදම්.....
- ප්‍රාථමික පාසලේදි ඔහු දෙවරක්ම අසමත් වුනා.
-  උසස් පාසලේ පරීක්ෂණයත් තෙවරක් අසමත් වුණා.
- විශ්ව විද්‍යාල ප්‍රවේශ විභාගයත් දෙවරක් අසමත් වුණා.
- මුලින්ම ඔහු පොලිසියට බැඳෙන්න අයදුම් කරා.එහිදි ඔහුත් එක්ක සම්මුඛ පරීක්ෂණයට ඉදිරිපත් වුණු සියළු දෙනා සමත් වුනා.ඒත් ජැක්??.. අසමත් වුනා.
- ඊට පසු ඔහු KFC හි කළමනාකාර ධූරයට ඉල්ලුම් කරා. ඔහු සමග ඉල්ලුම් කෙරූ ඉතිරි 23 දෙනාගෙම අයදුම් පත්‍ර තෝරාගත්තා.ඒත් ජැක්ගේ අයදුම්පත්‍රය?.. ප්‍රතික්ෂේප වුනා.

ඒත් දෛවයත් එක්ක ජැක් කරන සටන නවත්වන්න ඔහු තීරණය කරේ නෑ.
කෙසේ හෝ ඔහු විශ්ව විද්‍යාලයට ඇතුළු වෙලා ගෞරව උපාධියකුත් හිමි කර ගත්තා.ජැක්මා එක අවස්ථාවක ප්‍රකාශ කර සිටියේ..

“මම හාවඩ් විශ්ව විද්‍යාලයට දහ වතාවක් අයදුම් කළා. ඒ දහ වතාවෙම මාව ප්‍රතික්ෂේප වුණා. ඒත් මං මටම කියාගත්තා කවදාහරි දවසක ඒ විශ්ව විද්‍යාලයේ ඉගැන්වීමට යා යුතුයි කියා.”
                                               
ඔහු ඔහුට ඇති දුර්වල තාවයන් මොනාද ඔහු මොනාටද  දක්ෂ කියලා පැහැදිලිවම හදුනා ගත්තා.ජැක් ඉංග්‍රීසි භාෂාවට අති දක්ෂයෙක් වුනා.ඔහු ඒක උපයෝගී කර ගෙන විදෙස් සංචාරකයන්ට මඟ පෙන්වන්නෙක් විදිහට කලක් කටයුතු කරා.මෙහිදී හඳුනාගත් ඇතැම් විදේශිකයන් එක්ක පෑනේ මිතුරන් ලෙස ලිපි හුවමාරු කර ගනිමින් සබඳතා ශක්තිමත් කර ගැනීමටත් ඔහු කටයුතු කරා.ඒ වගේම ඔහු තායි-චි (Thai-Chi) සටන් කලාවට වැඩි කැමැත්තක් දක්වනවා.ඔහු පෞද්ගලික ජීවිතයේ සහ ව්‍යාපාර වලදී සමබරතාවය පවත්වා ගැනීමට එය යොදා ගන්නවා.

උපාධිය ලබා ගත් ඔහු දේශීය විශ්ව විද්‍යාලයක ඉංග්‍රීසි විෂය පිළිබඳ ආචාර්යවරයෙක් ලෙස කටයුතු කරනවා.ජැක් අන්තර්ජාලය ගැන දැනගන්නෙ 1995දී,ඒ පරිවර්තකයෙකු ලෙස ඇමරිකාවට ගිය ගමනේදීයි. මොහුට ඊලගට අහන්න ලැබෙන්නේ  බිලියන ගණනක ජනගහණයක් සිටින චීනයේ අන්තර්ජාලය භාවිතා නොවන බව.ඉතින් ජැක්ට මොකද්ද ඊලගට මතක් වෙන්නේ.?.කොයිතරම් විශාල ව්‍යාපාර අවස්ථාවක්ද උදා වෙලා තියෙන්නෙ කියන කාරණය. ඔහු මිතුරන් සමඟ එකතු වෙලා “Chinapage” නමින් චීනය සහ චීන නිශ්පාදන ගැන සඳහන් වෙන වෙබ් පිටුවක් ආරම්භ කරනවා.පසු කාළීනව ඔහු  Alibaba නාමය යටතේ Alipay සංකල්පය හඳුන්වා දෙනවා. බැංකුවක අනුමත කිරීමකින් තොරව ව්‍යාපාර කටයුතු වලදී මුදල් ගනුදෙනු කළ හැකි මේ ක්‍රමය අද වන විට PayPal සේවාවට වඩා වැඩිපුර භාවිතාවට ලක්  වෙනවා.ඒ වගේම ඔහු වැදගත් පුද්ගල සබඳතා ගොඩනගා ගන්නවා.


ඔහු එක් අවස්ථාවක ප්‍රකාශ කර සිටියේ...
“මං හිතන්නෙ අපි මෝඩයො වෙනවට වඩා පිස්සො වෙන එක හොඳ බවයි. සාම්ප්‍රදායිකව හිතන කෙනෙක් එක්ක බොහෝ අය එකඟ වෙනවා,ඔහුව විශ්වාස කරනවා. නමුත් එවැන්නෙකුට කවදාවත් ලෝකයට අළුත් යමක් දෙන්න අවස්ථාවක් උදා කර ගන්නේ නෑ. ඇත්තෙන්ම එච්චර මෝඩ වෙනවට වඩා පිස්සු වෙන එක වටිනවා.”

බාදා හැල හැප්පීම් ජීවිතයට ආශිර්වාදයක් කර ගෙන,තමන් තුල ඇති දක්ෂතා දුර්වලකම් නිවැරදිව හදුනාගෙන ජීවිතය ජය ගත් මේ අපුරු මිනිසාගේ දැක්ම ඔබත් කියවන්න කැමති ඇති...

පරාජයන් හා බිඳවැටීම් වලදී සමාජයට චෝදනා කිරීමෙන් වළකින්න.ඒ තුළින් නැඟී සිටීමේ ආත්ම ධෛර්යය ඇති කර ගන්න. කිසිවෙකු ඔබේ චෝදනා හා කඩා වැටීම් වලට කන්දෙමින් ඔබ ළඟ රැඳී නොහිටීවි. ඔබ ඔබ තුළම ඇති බලාපොරොත්තු දල්වා ගත යුතුයි. කවදාවත් සටන් අතහරින්න එපා! අද දවස හුඟක් අමාරු වේවි, හෙට ඊටත් වඩා දරුණු වේවි. ඒත් හිරු පායන්නෙ පහුවෙනිදා නම් ඔබ හෙට ජීවිතය අත හැරියොත්?..... කවදාවත් ආලෝකය දකින්න බැරි වෙයි.”

මේ තමයි ඒ අපුරු මිනිසාගේ දැක්ම..ඔබත් උත්සාහ ගන්න.අතනොහරින්න.ලෝකයට වැඩදායි අපූරු මිනිසෙක් වෙන්න.

ස්තූතිය..ඔබේ රසාස්වාදය වැඩිදුයුණු කරමින්,දැනුමට දෙයක් එක් කිරීමට ගන්නා පුංචි වෑයමකි.ඔබ මේ අපූරු මිනිසා ගැන තවත් දේ දන්නේද??...ඔබේ දැනුම අප හා බෙදාගන්න...❤️

No comments:

Post a Comment

Global Teacher Prize 2019 - Peter Tabichi

ඔබටත් ඔබේ ජීවිතය තුළ ගුරු උත්තමයන්වහන්සේලා කියන්න පුලුවන් ගුරුවරු මුණ ගැහිලා ඇති.සමහර විට මේ article එක කියවන ඔබ ගුරුවරයෙක් වෙන්නත් පුලුවන...