Thursday, October 3, 2019

Global Teacher Prize 2019 - Peter Tabichi


ඔබටත් ඔබේ ජීවිතය තුළ ගුරු උත්තමයන්වහන්සේලා කියන්න පුලුවන් ගුරුවරු මුණ ගැහිලා ඇති.සමහර විට මේ article එක කියවන ඔබ ගුරුවරයෙක් වෙන්නත් පුලුවන්. Global Teacher Prize ත්‍යාගය ලබා දීම සිදු කරන්නේ ලෝකයේ ඉන්න හොදම ගුරුවරයාට කිව්වොත් නිවැරදියි. 2019 වසර සදහාත් මේ තරගය පැවැත්තුවා. ත්‍යාගයේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියනයක්. රටවල් 160 ක අපේක්ෂකයන් දස දහසක් නාමයෝඡනා බාර දී තිබුණා. ඒ හැමෝම හොද නමක් දිනාගත්,දරුවන් වෙනුවෙන් තම ජීවිතය කැප කරපු පුද්ගලයන්.ඒ අතරින් ජයග්‍රහකයා වුණේ වයස අවුරුදු 37 ක් වන කෙන්යානු ජාතිකයෙක්. ඔහු තමයි පීටර් තබිචී ( Peter Tabichi) ගුරුතුමා. ඔබටත් කුතුහලයක් දැනෙනවා ඇති අනිකුත් සියල්ලන්ම අබ්බවා ඔහු මේ තාගය දිනා ගත්තේ කොහොමද කියලා.


 පීටර් තබීචි ඉපදුනේ 1982 වසරේදී  කෙන්යාවේ නයමිරා ප්‍රාන්තයේ. ඔහුගේ කුඩා කල ගෙවුනේ ග්‍රාමීය නයම්රා ප්‍රාන්තයේ. වයස අවුරුදු 11 දී ඔහුගේ මව මියායනවා. දැඩි දූෂ්කරතා හමුවේ අධ්‍යාපනය සාර්ථක කරගත් ඔහු Egerton වල Alma mater සරසවියෙන් උපාදිය ලබා ගන්නවා.

2016 වසරේ තබීචි කෙන්යාවෙි කෙරිකෝ මිශ්‍ර ද්විතීයික පාසලට සම්බන්ධ වෙනවා. ඒ ගණිතය හා භෞතික විද්‍යාව ගුරුවරයෙක් වශයෙන්. 
මේ පාසල තුළ දරුවන්ට ඉගෙන ගැනීමට තුබුනේ බොහොම සීමිත සම්පත් ප්‍රමාණයක්. මුලු පාසලටම තිබුනේ එක් පරිගණකයකි. එයත් ක්‍රියාත්මක වූයේ දුර්වල අන්තර්ඡාල සමිබන්ධතා හරහායි. ශිෂ්‍ය ගුරු අනුපාතය 58 : 01 ක්. ප්‍රමාණවත් තරම් ගුරුවරුන්වත් නොමැති දුර්වල තත්වයකයි පාසල තිබුනේ.

කෙරිකෝ මිශ්‍ර පාසල කියන්නේ ලෝකේ තියන නරකම වටපිටාවක් තියෙන පාසලක්. ඒ මේ ගම්මානයේ  තිබෙන සමාජීය තත්වය නිසයි. පාසැලේ ළමුන් ගෝත්‍ර හතකින් සමන්විත වෙනවා. සිසුන්ගෙන් 95% ක් ම  දරිද්‍රතාවයෙන් පෙළෙන දරුවන්.  ඉන් 3 න් 1 මව හෝ පියා අහිමියි. තවත් 3 න් 1 මවුපියන් දෙදෙනම අහිමියි. ඉතිරි 3 න් 1ක දරුවන්ට මව්පියන් සිටින වාසනාවන්තයන් යැයි ඔබ සිතනු ඇත. එයත් එසේම නොවුනි.දෙමවුපියන් සිටියද ඔවුන්ගෙන් බොහෝ දෙනා මත්ද්‍රව්‍ය අනිසි ලෙස භාවිතා කරන්නන් . ඒ වගේම පාසලෙන් ඉවත්වීම්, තරුණ වියේ ගැබ් ගැනීම්,  සුදුසු වයසට කළින් විවාහ වීම් වගේම සියදිවි නසාගැනීම් බහුලව සිදුවන සාමඡයීය පාරිසරික තත්වයක මොවුන් ගිලී සිටියා.

මොවුන් ගේ දෛවය කොතරම් නරකද කිව්වොත්, සොබාදහමත් මොවුන්ට අකාරුණික ලෙසයි සැළකුවේ. රිෆ්ට් වැලි පළාතේ අර්ධ ශුෂ්ක ගම්මානයක මෙම පාසල පිහිටා තිබෙන්නේ. නිරන්තරයෙන්ම සාගතයේත් නියඟයේත් බලපෑමට මොවුන්ට ලක් වෙන්නට සිදු වෙනවා . අධ්‍යාපනය ට වඩා තම දරුවන්ගේ බඩ කට පුරාවාවන්නේ කෙසේද කියන එක මේ ගම්මානයේ වැසියන්ට ප්‍රශ්නයක් වුණා.

කොරිකෝ පාසලකට  මුල් පත්වීම ලැබුණු තබීචි ගුරුතුමාට දක්නට ලැබුණේ බොහොම ඛෙද ජනක තත්වයකට පත්ව ඇති පාසලයි. ඒ වගේම 7km දුරක් මේ පාසල දක්වා පයින් ඇවිදන් එන්න තබීචි ගුරුතුමා හට සිදු වුණා. ඔහු මේ පාසලට පැමිණියේ ගණිතය , භෞතික විද්‍යාව ඉගැන්වීම සදහායි. ඒත් ගුරු හිගයත්, දරුවන් පාසල් නොපැමිණීම වගේම සමාජීය තත්වයන් එක්ක මේ දරුවන්නේ මනසට වෙලා තිබ්බ බලපෑමුත් තබීචි ගුරුතුමා දැක්කා.මේ අසරණ තත්වයෙන් මේ පුංචි දරුවන් එගොඩ කරන්නට ඔහු තබීචි ගුරුතුමා නොගත් උත්සාහයක් නෑ කිව්වොත් නිවැරදියි.

සොබාදහමත්, සමාජයත් දෙකෙන්ම අකාරුණික ලෙස පීඩාවට පත් දරුවන්ට වාසනාවට ලැබුනු එකම දෙය තබීචි ගුරුතුමයි. ඔහු දරුවන්ට සිත් ගන්නා සුලු කාරුණික චරිතයක් වුණා. මේ අපූරු මිනිසා පාසැලේ දරුවන්ට ඉගැන්වූයේ තම වැටුපෙන් 80% ක්ම මෙි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපනය සදහා වියදමි කරමින්. ළමයින් පාසල් නොපැමීණීම් වගේම ඔවුන්ට පවුල් පරිසරය හේතුවෙන් තිබ්බ ගැටලු මොහු හදුනා ගත්තා. තබීචි ගුරුතුමා දෙමාපියන් මුණ ගැසීමට දරුවන්ගේ නිවැස් වලට පවා ගියා. ඔවුන් මුහුණ දෙන අභියෝග ගැටලු වලට දෙන්න පුලුවන් විසදුම් සෙව්වා. පාසලෙන් පස්සේ උපකාරක පන්ති පවත් වූවා. මානසිකව දරුවන්ට හොද බලගැන්වීමක් දීම වගේම ඉගැන්වීමට තබීචි ගුරුතුමාට තිබුන හැකියාව අති විශ්ට වුනා. දිවා රාත්‍රී ය නොබලාම හැකි උපරිම සේවය ඔහු ඉටු කරා.
වසර 3 ක් ගෙවී ගියා. තබීචි ගුරුතුමා සාර්ථක වූවද..??.. ඇත්තෙන්ම ඔව්.

ඉහළ ශ්‍රේනිවලට ඇතුලත්වන ළමුන්ගේ සංඛ්‍යාව පසුගිය වසර 3 ට සාපේක්ෂව දෙගුණයකින් වුණා.

ගැහැනු ළමයින්ගේ අධ්‍යානික ජයග්‍රහණය ඉහළගොස් තිබුනා

ඔහුගේ පන්තියේ දරුවන් 59 දෙනා අතරින් 2017 වසරේ ඉන් 16 දෙනෙකු කෙන්යා රාඡ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියට ඇතුලුවුණා. 2018 දී එය තවත් වර්ධනය කර සිසුන් 26 දෙනෙකු පත් කරන්න්ට ඔහු සමත් වුණා. එනමි පන්තියේ සිසුන්ගෙන් 50% ක් ඔහු විශ්වවිද්‍යාල තුළට ඇතුලත් වී තුබුණා.

පාසලේ විද්‍යා සමාජය තිබුණු මට්ටමට වඩා පුළුල් කර එමඟින් 60% ක් දූ දරුවන්ට ජාතික තරඟ සඳහා සුදුසුකම් ලබා ගැනීමෙි තත්වයට ගෙන ආවෙිය.

ගුණාත්මක හා විද්‍යාත්මක පර්යේෂණ ව්‍යාපෘතිය යටතේ, කෙන්නියාවේ විද්‍යා හා ඉංජිනේරු ප්‍රදර්ශනයට ගණිත විද්‍යා ශිෂ්‍ය කණ්ඩායමක් ඔහු ඉදිරිපත් කරා.අන්ධ හා බිහිරි අයට වස්තූන් මැනීමට සඳහා ඔවුන් විසින් නිර්මාණය කරන ලද උපකරණයක් මෙහිදි ප්‍රදර්ශනය කලා. මෙම උපකරණය ඇමරිකා එක්සත් ජනපදයේ ඇරිසෝනා හි පැවැත්වෙන INTEL ජාත්‍යන්තර විද්‍යා හා ඉංජිනේරු ප්‍රදර්ශනය 2019 සහභාගී වීමට සුදුසුකම් ලැබුවා.

2018 දී පීටර්ගේ ශිෂ්‍යයින් කණ්ඩායම විදුලිය ජනනය කිරීම සඳහා දේශීය ශාක විශේෂයක් යොදා තැනූ විදුලි ඡනනය යන්ත්‍රය බ්‍රිතාන්‍ය රාජකීය රසායන විද්‍යා සංගමයෙන් සම්මානයක් ද දිනා ගෙන තිබේ.

වසර 3 ක් ඇතුලත දිළිදු දරුවන්ගේ අධ්‍යාපනය සදහා මහා මෙහෙවරක් කරන්නට තබීච් සමත් වුණා. 


ඔහු මුලින්ම ගුවන් ගමනක යෙදුනේ Global Teacher Prize එක ලබා ගැනීමටයි. ඔහු එය ලබාගත්තේ ඩුබායිහි ෂීක් මොහොමඩි බින් රෂීඩි කුමරුගේ දෑතින්. පීටර් තචිබී එම සමිමානයත් සමගම ඇමෙරිකන් ඩොලර් මිලියනයක්ද දිනාගත්තා. සමිමානය දිනාගත් තබීචි ප්‍රේකෂකාගාරය දෙසට හැරී ප්‍රකාශයක් කළා....

ඔහුගෙන් ඉගෙනන ගත් දරුවන්ගේ දැනුම, කුසලතා සහ විශ්වාසය වර්ධනය වීම  ඔහුගේ ලොකුම සතුට බව. ඔවුන් සමාජයට වඩදායි, නිර්මාණශීලී හා උපායශීලී වන විට, ඔවුන්ගේ හැකියාවන් වඩාත් ආකර්ෂණීය ලෙස විවර කරනවිට, ඒ විශිෂ්ටයන්ගේ ඉරණම සක්‍රීය කරන්නා සහ එහි යතුර ලෙස ක්‍රියාකරන්නා බවට ඔහුට පත්වීමට හැකිවීම ගැන ඔහු සතුට ප්‍රකාශ කරන බවත්. අප්‍රිකාව තුළ විද්‍යාඥයින්, ඉංජිනේරුවන්, ව්‍යවසායකයින් බිහි කරනු ඇති බවත්.ඔවුන්ගේ නම් ලෝකයේ සෑම අස්සක් මුල්ලක් නෑරම දිනක ප්‍රසිද්ධ වන බවත්. ගැහැණු ළමයින්ට විශාල යමක් මේ වෙනුවෙන් කර හැකි බවත්.විද්‍යාවට හා තාක්ෂණයට ප්‍රමුඛ කාර්යභාරයක් මේ වෙනුවෙන් ඉටු කළ හැකි බව ඔහු විශ්වාස කරන බවත් ඔහු ප්‍රකාශ කරා සිටියා.

මේ අපූරු පුද්ගලයා අවංකත්වයේ මෙන්ම මනුෂයත්වයේ ප්‍රතිමූර්තියක් බව කිව යුතු නැත. ලෝකයේ ඉදිරි අනාගතය තීරණය වන්නේ නව පරපුරේ ක්‍රියාව මත  යන්නත්, ඔවුන් තුල සැගව ඇති දක්ෂතා එළි දැක්වීමට ගුරුවරයා යතුරක් විය යුතු බවත් තබීචි පීටර් ගුරුතුමා ලෝකයට කියා පෑවා.

No comments:

Post a Comment

Global Teacher Prize 2019 - Peter Tabichi

ඔබටත් ඔබේ ජීවිතය තුළ ගුරු උත්තමයන්වහන්සේලා කියන්න පුලුවන් ගුරුවරු මුණ ගැහිලා ඇති.සමහර විට මේ article එක කියවන ඔබ ගුරුවරයෙක් වෙන්නත් පුලුවන...