ලෝකයේ ධනවත්ම පුද්ගලයන් 5
========================
ෆෝබ්ස් සඟරාවේ(Forbes magazine) සෑම වර්ෂයක් සදහාම ලෝකයේ ධනවතුන්ගේ ලයිස්තුවක් ඉදිරිපත් කරනවා. 2018 වර්ෂය සඳහාත් ප්‍රකෝටිපතියන්ගේ ලැයිස්තුව ඉදිරිපත් වුණා.
කවුද මේ පුද්ගලයන් පස් දෙනා??..
මින් හතර දෙනෙක්ම ඇමරිකානුවන්, එක් අයෙක් ප්‍රංශ ජාතිකයෙක් කිව්වොත් නිවැරැදි යි.
මේ අයගේ ශුද්ද වටිනාකම කීයද??..
මේ අයගේ ශුද්ද වටිනාකම කීයද??..
ඩොලර් බිලියන 70 ට නම් ඉහළයි.
ඇත්තටම කොහොමද මේ පුද්ගලයෝ මේ තත්වයට අවේ...පොඩ්ඩක් මෙයාලගේ අතීතය හොයලා බලන්න ඔයත් කැමති ඇති.
ඇත්තටම කොහොමද මේ පුද්ගලයෝ මේ තත්වයට අවේ...පොඩ්ඩක් මෙයාලගේ අතීතය හොයලා බලන්න ඔයත් කැමති ඇති.
1. ජෙෆ් බෙසොස්(Jeff Bezos)
ශුද්ධ වටිනාකම : ඩොලර් බිලියන 112
මොහු ඇමේසන් (AMZN) සමාගමේ නිර්මාතෘතුමා.1994 වර්ෂයේ දී ගරාජයක තමයි මුලින්ම ඔහු amazon.com වෙබ් අඩවිය ආරම්භ කලේ. 1997 දී තමයි amazon.com ලෝකයා අතර ජනප්‍රියතාවයට පත් වන්නේ,මුලින්ම ඔන්ලයින් පොත් සාප්පුවක් විදිහට තමයි amazon.com එක ආරම්භ කරේ.ඒත් දැන් නම් අපිට ඕන මොනාද?..ඒ සියලු දෑ මිළදි ගැනීමේ හැකියාව අපිට amazon.com හරහා පුලුවන්. බිල් ගේට්ස්ගෙන් පසු ඩොලර් බිලියන 100 කට අධික ශුද්ධ වත්කමක් අත්කර ගත් පළමු පුද්ගලයා බවට Bezos පත් වුණා.මොහුගේ වත්කම් අතරට අභ්‍යවකාශ සමාගමක් වන බ්ලූ ඔරිජින්, වොෂිංටන් පෝස්ට් (ඔහු 2013 දී මිලදී ගත්) සහ වසර 10,000 ක ඔරලෝසුවත් අයත් වෙනවා.
2. බිල් ගේට්ස්(Bill Gates)
ශුද්ධ වටිනාකම: ඩොලර් බිලියන 90 කි
මයික්‍රොසොෆ්ට් කෝපරේෂන්( Microsoft Corp - MSFT ) සමාගමේ සම-නිර්මාතෘවරයා වන්නේ මොහුයි( Co-Founder). ධනය වැඩි කර ගැනීමට මොහුට ඇති හැකියාව පුදුමාකාරයි කිව්වෙත් නිවැරදියි. ඇයි මම මෙහෙම කිව්වේ ඔබටත් සිතෙනවා ඇති.???... 2009 යේ මොහුගේ වත්කම වගේ දෙගුණයකින් මොහුගේ වත්කම 2018 වන විට ඉහළ ගිහින් තියනවා.ඒ වගේම සමජ සත්කාරක වඩසටහන් සදහාත් මොහු සම්බන්ධ වෙනවා. බිල් ඇන්ඩ් මෙලින්ඩා ගේට්ස් පදනම හරහා ඔහු පෝලියෝ හා මැලේරියාවට මර්ධනයට බිලියන ගණනක් වියදම් කරා. මීට අමතරව, ඔහු ඉබෝලා රෝගය මර්ධනය කිරීමට 2014 දී ඩොලර් මිලියන 50 ක් දෙන්න පොරොන්දු වෙලා තියෙනවා. බිල් ගේට්ස් දැනට මයික්‍රොසොෆ්ට් සහ බර්ක්ෂයර් හැත්වේ ඉන්කෝපරේෂන් (බී.ආර්.කේ.ඒ) ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙක් විදිහට කටයුතු කරනවා.
3. වොරන් බෆට් (Warren Buffett)
ශුද්ධ වටිනාකම: ඩොලර් බිලියන 84 කි
20 වන සියවසේ හොඳම ආයෝජකයා කියලා Warren හදුන්වන්න පුලුවන්. 1944 වර්ෂයේ දී , එතකොට Buffett ට අවුරුදු 14 යි. ඔහු සිය පළමු බදු වාර්තාව ගොනු කළේ කලා.ඔහු ප්‍රථම වරට 1962 දී Berkshire Hathaway නම් රෙදිපිළි සමාගමක කොටස් මිලදී ගත්තා. 1965 වසර වන විට බහුතර කොටස් හිමියා බවට පත්වන්නට ඔහු සමත් වුණා.ඔහු තම ධනයෙන් වැඩි කොටසක් පුණ්‍ය කටයුතු සඳහා ලබා දෙන අතර, තම ධනය තම දරුවන්ට භාර දීමට අදහස් නොකරන බවද ප්‍රකාශ කර තිබෙනවා.
4. බර්නාඩ් ආර්නෝල්ට් පවුල(Bernard Arnault Family)
ශුද්ධ වටිනාකම: ඩොලර් බිලියන 72 කි
ධනවතුන් 5 දෙනා අතරට එන එකම ප්‍රංශ ජාතිකයායි. ඒ වගේම මොහු ඉංජිනේරුවෙකු වෙනවා.LVMH සමාගමේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරියායි. LVMH කියන්නේ ලොව විශාලතම සුඛෝපභෝගී භාණ්ඩ සමාගමයි.
මුලින්ම දේපල වෙළඳාම් සමාගමක් 1976 දී ආරම්භ කරනවා.ඔහු යුරෝපයේ ධනවත්ම පුද්ගලයා ලෙස 2019 දී ඒ කියන්නේ මේ වර්ෂයේ දී නම් කරලා තියෙනවා.
මුලින්ම දේපල වෙළඳාම් සමාගමක් 1976 දී ආරම්භ කරනවා.ඔහු යුරෝපයේ ධනවත්ම පුද්ගලයා ලෙස 2019 දී ඒ කියන්නේ මේ වර්ෂයේ දී නම් කරලා තියෙනවා.
5. මාර්ක් සකර්බර්ග් (Mark Zuckerberg)
ශුද්ධ වටිනාකම: ඩොලර් බිලියන 71 කි
ෆේස්බුක් හි ප්‍රධාන විධායක නිලධාරිවරයායි. ඔහු ෆේස්බුක් නිර්මාණය කළේ 2004 වසර තුළදීයි. හාවඩ් නේවාසිකාගාරයේදී පංතියේ මිතුරෙකු වන එඩ්වාඩෝ සැවරින් සමඟ ෆේස් ෆේස් ඔහු මුලින්ම නිර්මාණය කළා. Facebook හි වෙළඳපල වටිනාකම 2019 මුලදී දළ වශයෙන් ඩොලර් බිලියන 462 ක් වුණා. සකර්බර්ග් සිය ධනය අන්තර්ජාලය අහිමි ප්‍රදේශවලට අන්තර්ජාලය ලබා දිය හැකි සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන ඩ්‍රෝන් යානයක් සෑදීමට සහ නිව් ජර්සි හි පාසල් සඳහා ඩොලර් මිලියන 100 ක් පරිත්‍යාග කිරීම වැනි පුණ්‍ය කටයුතු සඳහා යොදා ගෙන ඇත.
ඔබේ මගේ මෙන්ම මේ පුද්ගලයන්ගේ ගමන් මගත් කිසිදා ලෙහෙසි පහසු වූයේ නැත. කඩා වැටීම් තුළින් සාර්ථකත්වයට පාර විවර කර ගන්නට මොවුන් සමත් වුණා. ඒ හේතු කාරණා නිසාවෙන්මයි අපි මොවුන් ගැන කතා වෙන්නෙත් , විපරම් කර බලන්නේත්...ඔබත් විශිෂ්ටයෙකු වන්නට උත්සාහ කරන්න.
No comments:
Post a Comment