කොලෙස්ටරෝල්
-----------------------------------------------------
-ඔබට හෝ ඔබේ පවුලේ සාමාජිකයෙකුට,හිතවෙතෙකුට කොලෙස්ටරෝල් තිබෙනවාද??..
-----------------------------------------------------
-ඔබට හෝ ඔබේ පවුලේ සාමාජිකයෙකුට,හිතවෙතෙකුට කොලෙස්ටරෝල් තිබෙනවාද??..
-කොලෙස්ටරෝල් පරීක්ෂණයක අවශ්‍යතාව මොකක්ද ??...
-Lipid Profile test එකෙන් කියන ට්‍රයිග්ලිසරයිඩ LDL, HDL මොනාද මේ..මේවා තියෙන්න ඕන මට්ටම මොකද්ද??...
-ජීවන රටාව ආහාර පුරුදු වෙනස් කර ගැනීමෙන් ඔබත් මේ අවධානමට ලක් වීමෙන් වැළකෙමුද??..
ඔබේ වෛද්‍යවරයා ඔබව හෝ ඔබේ පවුලේ කෙනෙකු කොලෙස්ටරෝල් පරීක්ෂණ සඳහා යොමු කරා යැයි අපි සිතමු.එක්කෝ එය සාමාන්‍ය පරීක්‍ෂණයක් වෙන්නත් පුලුවන්, නැතිනම් ඔබට හෘද රෝග ඇතිවීමේ අවදානමක් ඇතැයි සැක කරන නිසා වෙන්නත් පුලුවන්.
ඇයි ඔබට කොලෙස්ටරෝල් පරීක්ෂණයක් අවශ්‍ය??
ඔබේ දේහයේ කොලෙස්ටරෝල් ප්‍රමාණයක් වැඩි නම්,එය ඔබේ ධමනි වල බිත්තිවල තැන්පත් වීමක් සිදු වෙනවා.ධමනි සිහින් වීම ලෙස මෙම ක්‍රියාවලිය හදුන්වනවා.ඇත්තටම වෙන්නේ ධමනි පටු වීම. රුධිරයට ඒ හරහා ගමන් කිරීම අපහසු වීම.ධමනි සිහින් වීමෙන් ඔබට ඇන්ජයිනා,අධිරුධිර පීඩනය වගේ තත්වයන් ඇති වෙන්න පුලුවන්.මොකද මේ ඇන්ජයිනා කියන්නේ හෘදයට රුධිර ප්‍රවාහයක් නොමැතිකම හේතුවෙන් දැඩි පපුවේ වේදනාවක් ඇති වීමයි. ධමනි මුළුමනින්ම අවහිර වුනොත් තමයි හෘදයාබාධයක් ඇති වෙන්නේ.

සාමාන්‍ය කොලෙස්ටරෝල් හදුනා ගැනීමට ලිපිඩ ප්‍රොපයිල් නැමති පරීක්ෂණය සිදු කරනවා.මින් අපිට HDL( High Density Lipoprotein) කොලෙස්ටරෝල් මට්ටම, ට්‍රයිග්ලිසරයිඩ් හා LDL(Low Density Lipoprotein) කොලෙස්ටරෝල් මට්ටම හදුනා ගන්න පුලුවන්.
මොනවද මේ HDL , ට්‍රයිග්ලිසරයිඩ LDL කොලෙස්ටරෝල් කියන්නේ???... HDL කොලෙස්ටරෝල් කියන්නේ ශරීරයට හිතකර කොලෙස්ටරෝල්.මේවා වැඩි වුනා කියලා ගැටලුවක් නෑ.LDL කොලෙස්ටරෝල් ට්‍රයිග්ලිසරයිඩ වැඩි වීම තමයි අපේ ශරීරයට අහිතකර ලෙස බලපාන්නේ.
රුධිරයේ තියෙන්න ඕන ලිපිඩ මට්ටම් ගැන දැන් අපි බලමු.
මුළු රුධිර කොලෙස්ටරෝල් මට්ටම:
ඉහළ අවදානම: 240 mg / dL සහ ඊට වැඩි
දේශසීමා අධි අවදානම: 200-239 mg / dL
සුදුසු: 200 mg / dL ට අඩු
ඉහළ අවදානම: 240 mg / dL සහ ඊට වැඩි
දේශසීමා අධි අවදානම: 200-239 mg / dL
සුදුසු: 200 mg / dL ට අඩු
LDL කොලෙස්ටරෝල් මට්ටම:
190 mg / dL සහ ඊට වැඩි නම් ඉහළ අවදානමක් දක්වනවා.
190 mg / dL සහ ඊට වැඩි නම් ඉහළ අවදානමක් දක්වනවා.
HDL කොලෙස්ටරෝල්:
ඉහළ අවදානම: පිරිමින් සඳහා 40 mg / dL ට අඩු සහ කාන්තාවන් සඳහා 50 mg / dL ට අඩු විය යුතුයි.
ඉහළ අවදානම: පිරිමින් සඳහා 40 mg / dL ට අඩු සහ කාන්තාවන් සඳහා 50 mg / dL ට අඩු විය යුතුයි.
ට්‍රයිග්ලිසරයිඩ:
ඉතා ඉහළ අවදානමක්: 500 mg / dL සහ ඊට වැඩි
ඉහළ අවදානම: 200-499 mg / dL
දේශසීමා අධි අවදානම: 150-199 mg / dL
සාමාන්‍ය: 150 mg / dL ට අඩු
ඉතා ඉහළ අවදානමක්: 500 mg / dL සහ ඊට වැඩි
ඉහළ අවදානම: 200-499 mg / dL
දේශසීමා අධි අවදානම: 150-199 mg / dL
සාමාන්‍ය: 150 mg / dL ට අඩු
ඔබට මේ අවධානමෙන් ගැලවීමට අවශ්‍ය ද???..
1.ඔබත් ඔබේ ජීවන රටාව වෙනස් කර ගැනීමට සූදානම ද??..
2.ආහාර පුරුදු වෙනස් කර ගැනීමට සූදානම් ද??..
3.වෛද්‍යවරයෙක් නිර්දේශ කරනවා නම් ඖෂධ ලබා ගැනීමට සූදානම් ද??...
රුධිරයේ ඇති අහිතකර මේදය අවම කර,හිතකර මේදය වර්ධනය කර ගැනීමට එසේ නම් ඔබ දැන් සූදානම්.

1.ජීවන රටාව වෙනස් කිරීම තුලින් මේදය පාලනය කිරීම
- ව්‍යායාම වල යෙදීම
-දහඩිය දමන සේ වැඩක යෙදීම
-කය වෙහෙසන ක්‍රීඩාවක යෙදීම
-බයිසිකල පැදීම හෝ වේගයෙන් ඇවිදීම
- ව්‍යායාම වල යෙදීම
-දහඩිය දමන සේ වැඩක යෙදීම
-කය වෙහෙසන ක්‍රීඩාවක යෙදීම
-බයිසිකල පැදීම හෝ වේගයෙන් ඇවිදීම
2.ආහාර පුරුදු වෙනස් කර ගැනීමට ඔබ සූදානම් ද??..
වැළකෙන්න ඕන මොන වගේ ආහාර වලින්ද??...
-මාගරින්,බටර්,කෙටි ආහාර,මස් බිත්තර කහ මදය,සම්පූර්ණ යොදය සහිත කිරි පිටි ප්‍රධාන වෙනවා
සුදුසු කෑම වර්ග මොනාද?
-පළතුරු, එළවළු,කොහිල ,පලා වර්ග වැනි ආහර වල අද්‍රාව්‍ය තන්තු අඩංගු වෙනවා.එමගින් කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීමට වැදගත් වෙනවා.
-කුලුබඩු , සුදු ලූණු ,රම්පේ ,කරපිංචා සුවදවත් රසවත් බවක් එක් කරන්න නේද ඔබ ආහාරයට එක් කර ගන්නේ.නමුත් ඔබේ අහිතකර කොලෙස්ටරෝල් මට්ටම අඩුකර ගැනීමටත් හේතුවක් වෙනවා.
-ධාන්‍ය වර්ග, බෝංචි වැනි රනිල බෝග,රතු බත්,බාර්ලි,සෝයා නිශ්පාදන වගේම ඇට වර්ග වල ද්‍රාව්‍ය තන්තු අඩංගු වෙනවා.මේවා අහාර මාර්ග පද්දතියේ ඇති බැක්ටේරියා මගින් ජීරණයට ලක් වීමෙන් මේද අම්ල නිපදවෙනවා.මේ මේද අම්ල රැධිරයේ කොලෙස්ටරෝල් නිශ්පාදනය අඩු කරනවා ඒ වගේම ආහාරයේ ඇති කොලෙස්ටරෝල් මෙම තන්තුත් සමග එකතු වෙලා පිටවීමත් සිදු වෙනවා.
-ආහාරයට මාළු එක් කර ගැමීමෙන් එහි ඇති omega 3,omega 6 මේද අම්ල මගින් රුධිරයේ කොලෙස්ටරෝල් පාලනය කර ගැනීමට උපකාරී වෙනවා.
-කැනෝලා, සූරියකාන්ත, කෝන් වැනි අසන්තෘප්ත තෙල් වර්ග,ඔබ යන්තමින් බදින විට යොදා ගන්න. ඒවා එල්ඩීඑල් අඩු කිරීමට උපකාරී වේ.දැන් ඔබට මතක් වෙන්නේ පොල්තෙල් ගැන??...සන්තෘප්ත තෙල් වර්ගයක් නිසා LDL මට්ටම වැඩි වීමට පොල් තෙල් බලපානවා.නමුත් ඔබ ගැඹුරු තෙල් වල බැදීමක් සිදු කරනවා නම් ඔබ යොදා ගන්න ඕන පොල්තෙල්.පොල්තෙල් සන්තෘප්ත තෙල් වර්ගයක් නිසා අසන්තෘප්ත තෙල් වර්ග තරම් ඉක්මනට කැඩීමක් සිදුවෙන්නේ නෑ.අසන්තෘප්ත තෙල් වර්ග තාපය හමුවේ පිළිකා කාරක දේහයට අහිතකර දෑ තැනීමට හේතු වෙනවා.පොල් තෙල් භාවිතයෙන් මේ තත්ව වළක්වා අනෙකුත් තෙල් වර්ග වලට වඩා වලක්වා ගන්න පුලුවන්.
-ඇපල්, මිදි, ස්ට්රෝබෙරි, පැඟිරි වර්ගයේ පළතුරු පෙක්ටීන් වලින් පොහොසත්.පෙක්ටීන් කියන්නේ ද්‍රාව්‍ය තන්තු වර්ගයක්.LDL කොලෙස්ටරෝල් මට්ටම අඩු කරන්න හේතුවක් වෙනවා.
-ඕට්ස්. උදේ ආහාරය සඳහා ඕට්ස් එක් කර ගැනීම කොලෙස්ටරෝල් අඩු කර ගැනීමට හොඳම පියවරක් වෙනවා.ද්‍රාව්‍ය තන්තු ආහාරය එක් කිරීම මෙමගින් සිදු වෙනවා.
කාලතුරකින් ඔබ අහිතකර යැයි නිර්දේශිත ආහාර ඔබේ ආහාර වේලට එක් කර ගත්තාට කමක් නැත.නමුත් දිනපතා ඔබ ගන්නා ආහාර පිළිබඳ සැලකිලිමත් වෙන්න ඕන.
3.වෛද්‍යවරයෙක් නිර්දේශ කරනවා නම් ඖෂධ ලබා ගැනීමට ඔබ සූදානම් ද??...කොලෙස්ටරෝල් මටටම පාලනය කිරීම ඔබට ඖෂධ මගින්ද කළ හැකියි.හැබැයි වෛද්‍යවරයෙක් නිර්දේශ කරන ආකාරයට නියමිත මාත්‍රා වෙන් යුක්තව ගැනීම සහ අවාදයකින් තොරව ඖෂධ නොගෙන සිටීම හෝ නැවැත්වීම නොකළ යුතුයි.
ඔබත් නිරෝගී දිවියකට අවශ්‍ය ආහාර පුරුදු ඇති කර ගැනීමට උත්සාහ ගන්න.
ඔබත් නිරෝගී දිවියකට අවශ්‍ය ආහාර පුරුදු ඇති කර ගැනීමට උත්සාහ ගන්න.
No comments:
Post a Comment