ඇස රවටන සොබාදහමේ මායා
========================
තමන් විසින්ම නිර්මාණය කර ගත් ගොඩනැගිලි තුල දවස පුරා වෙහෙසට පත් වන මිනිසා, මනස නිදහස් කර කරගන්නට පලා යාමට තැනක් සොයනවා නම් හරිම තැන සොබාදහමයි. ඔබත් මාත් සමග එකගයි නේද?...මායා කාතාන්දර ඔබ නරඹලා තියනවා ද?එහෙමත් නැත්තම් කියවලා තියනවද? ඒවගේ තිබුණ අරුම පුදුම විල්, ගංගා ,වන්නාන්තර සැබෑ ජීවිතයේ ඇත්තට තියනවද?ඒවා මායාවල්ම බව ඔබ සිතෙනවා ඇත.ඒත් මේ කියන්නට යන්නේ ඔබේ ඇස මායාවෙන් රවටන සොබාදහමේ අපූර්වත්වය ලොවට කියන තැන් සතරක් ගැනයි.
1.දිව්‍ය ලෝකයට යන්නට පාථිවි තලයෙන් සොයා ගත් මාර්ගය - The Stairway to Heaven
2.ලුනු දියෙන් යුතු නීල වර්ණයෙන් දිලිසෙන Hinatuan Enchanted ගංගාව
3.අහසත් පොලවත් යා කරන අපූරු Salar de Uyuni විල.
4.පෝලන්තයෙන් පයින් ගස් වලින් යුත් මායා වනාන්තරය
1.දිව්‍ය ලෝකයට යන්නට පාථිවි තලයෙන් සොයා ගත් මාර්ගය නොහොත් the Stairway to Heaven
දිව්‍ය ලෝකයට දිවෙන මාර්ගක් පාථිවි තලයෙන් සොයා ගත්‍තා කිව්වොත් ඔබ පිළිගන්නවද?
ඇමෙරිකා එක්සත් ජනපදයට අයත් හවායි දූපතේ Oahu කලාපයේ පිහිටා තිබෙන The Stairway to Heaven මාර්ගය ඔබව දිව්‍ය ලෝකයක් කරා රැගෙන යෑමට සමත් වෙනවා.කුඩා ගරාදි වැටකින් යුත් මේ මාර්ගය අඩි 3922 කින් යුක්ත කඳු වැටි අතරින් විහි දී යන්නක්.
ඇමෙරිකානු නාවික හමුදාව විසින් 1942 දී යි පැසිෆික් සාගරයේ යාත්‍රා කරන නැව්වලට රේඩියෝ සිග්නල් සැපයීමට අවශ්‍ය පහසුකම් සැපයීම සඳහා මෙම මාර්ගය නිර්මාණය කරලා තියෙනවා.ඒ කාලේ මෙම මාර්ගය පළමු ගණයේ රහස් මාර්ගයක් ලෙසට යොදා ගෙන තියෙනවා.1950 දී එකී නාවුක මූලස්ථානය ඉන් ඉවත් කරගැනීම සිදු වුණා.ඉන් පසු එතෙක් පැවති ලී පඩි ගලවා, ඒ වෙනුවට යකඩ පඩි ඇල්ලීම සිදුවෙනවා. මේ භූමියෙහි අයිතිය පවතින්නේ Honolulu Board of Water Supply වේ. මෙම කඳු මාර්ගය තරණය කරන්නන් සම්බන්ධ ව බලතල ක්‍රියාත්මක කළ හැකි ආයතනය වන්නේ ඔවුන් වේ. ඔවුන්ගේ නීතිමය ප්‍රතිපාදනයන්ට අනුව, මෙකී මාර්ගය තරණය කරන්නන් විසින් එසේ කිරීමට පෙර සිය ජීවිතය පිළිබඳ පවත්නා අයිතීන් අත්හරිමින් ලියමනක් අත්සන් කළයුතුයි.ඒ වගේම ඩොලර් මිලියනයක වගකීමකින් යුතු රක්ෂණාවරණයක් ඉදිරිපත් කළ යුතු වෙනවා. තමන්ගේ ආවරණ කලාපය තුළ දී යමෙකුට විපතක් වූහොත්, තමන්ට එරෙහිව නඩු පැවරීමට පවත්නා ඉඩ ප්‍රස්ථාව හේතුවෙන් තමයි ඔවුන්‍ට මෙසේ සිදු කිරීමට සිදුව ඇත්තේ. 2002 දී මෙය මෙම ආරක්ෂිත ලෙස සකසා ජනතාව සදහා ව්වෘත කිරීමට අදහස් කර තිබුනා. ඒත් ආරක්ෂාව ගැන පවතින ගැටලු හමුවේ නිළ වශයෙන් විවෘත කිරීමක් සිදු වුනේ නැත.ගමන් මාර්ගය ඉහළට නැගෙන ආකාරය ඉතාමත් අවදානම් සහගත ගමණකි.
එහි ඇති සුන්දරත්වයත් මාර්ගය හරහා ගමන් කරන විට දෙව්ලොව තුල වලාකුලු අතරින් ගමන් කරන හැගීමක් ඇති කරයි.අඟල් 18ක් පළල පඩි මතින් අඩි 4000ක කඳු නැග්මක් මෙහිදි සිදුකිරීමට තිබේ.2015 දී ඇති වූ දරුණු කුණාටු තත්ත්වයක් හේතුවෙන් පඩිපෙළෙහි ස්ථාන කිහිපයකට දැඩි හානි සිදු වුනා. පියගැට ගණනාවක් ම කැඩී ඉවත් වූවා. යම් හෙයකින් අත්වැරැද්දක් සිදු වුවහොත් ස්වර්ගයට දිවෙන මාර්ගය, මරණයේ දොරටුවක් වීමේ හැකියාවෙන් ද යුක්ත යි. මේ මනරම් ත්‍රාසයජනක කඳුකර මාර්ගය අවසාන වන්නේ ඈත මිටියාවතක අදාහාගත නොහැකි දර්ශනයක් පෙන්වමින්.
2.ලුනු දියෙන් යුත් නීල වර්ණයෙන් දිලිසෙන ජලයෙන් යුත් හිනාටුයන් එන්චාන්ටඩ් (Hinatuan Enchanted) ගංගාව
මෙම ගංගාව අපට හමුවන්නේ පිලිපීනයෙන්. පිලිපීනයේ Hinatuan නගරයේ සිට කි. මී. 14ක් පමණ දුර Barangays Talisay හා Cambatong යන ගම් දෙක අතර මෙය පිහිටනවා.ලුනු දියෙන් යුක්ත Hinatuan Enchanted ගංගාව අවසන් වෙන්නේ පැසිපික් සාගරයෙන්. මෙම ගංගාව ගැඹුරින් අඩි 80ක්. ඒ වගේ ම සාමාන්‍ය ගංගාවකට වඩා දිගින් අඩුයි. මෙම ගංගාවට ජලය සැපයෙන්නේ කුමන ජල පෝෂකයකින්ද කියන කරුණ තාමත් සොයා ගැනීමට නොහැකි අභිරහසක්. මෙම ස්ථානය කාගේත් වැඩි ආකර්ෂණයක් දිනාගැනීමට හේතු වී ඇත්තේ ගංගා ජලයෙහි පවත්නා විශේෂිත නිල්වන් පැහැය යි. කොළ පැහැති තණ පිටියකට මැදි ව ගලා යන දීප්තිමත් නිල් පැහැති කාගේත් ආකර්ෂනය කරගැනීමට සමත් දසුනක්. විනිවිද පෙනෙන නිල්වන් ජලයෙහි ඒ මේ අත පිහිනන මාළුවන්ගේ දසුන සංචාරක සිත් කුල්මත් කිරීමට සමත්.
එපමණක් නොවෙයි ගංගාවෙහි දියට යටින් පෙනෙන නොයෙක් ආකාරයේ හැඩතල බොහෝ දෙනාගේ විශේෂ අවධානයට බඳුන් වනවා. මෙම ගංගාව ලොවට අනාවරණය වීමට පෙර මෙම ප්‍රදේශය කෙරෙහි එතරම් දැඩි සංචාරක ආකර්ෂණයක් පැවතියේ නැහැ. එසේ පැවතියා නම් ඒ හිනාටුයන් මුහුදු බොක්ක නැරඹීමට පැමිණි සංචාරකයන් කිහිප දෙනාගෙන් පමණයි. එතෙක් ඒ ආශ්‍රිත ව පැවතියේ ද ලැගුම්හල් කිහිපයක් පමණයි. 3
3.අහසත් පොලවත් යා කරන අපූරු - Salar de Uyuni විල.
මේ මායාකාරී දරශන තලය අපට හමුවෙන්නේ බොලිවියාවෙන්.ලුණු විලක්,කැඩපතක් වගේම අහසත් පොලවත් යා කරන ලොව පවතින එකම තැන මෙයයි.Salar de Uyuni කියන්නේ බොලිවියාවේ පවතින විශාලම ලුණු විලයි.කැඩපතක් ලෙසට දිස් වෙන මෙය කි.මී 10,582 පූරා විහිදි පවතිනවා. මේ අසල සිට ගෙන සිටින කෙනෙකුට තමාගේ රූපය මේ හරහා පැහැදිලිවම බලා ගන්න පුලුවන්.මෙහි පවත්නා ලුණු ස්ථරය ඇතැම් අවස්ථාවන්හි දී මීටර් 10ක් තරම් ඝනකමට මිදී පවතිනවා.මෙය ජලය සහ ලුණු ස්ථරයන්හි මිශ්‍රණයකින් තමයි හැදිලා තියෙන්නේ.මෙම භූමිය විශේෂිත භූ ස්ථර සංයෝජනයක් පවතින බවයි ප්‍රකාශ වෙන්නේ.තවත් විශේෂ ගුණාංගයක් වෙන්නේ කාලයන් දෙකක ස්වරූපයන් දෙකක් දක්නට ලැබීම.එක් කාලයක දී මෙම භූමිය ලුණු වියලුණු ,ලුණු ගොඩැල්ලක් ලෙසින් දිස්වනවා.මැයි මාසයේ සිට නොවැම්බර මාසය දක්වායි මෙසේ දිස්වන්නේ.ඉතිරි කාලයක දී මෙය දිස්වන්නේ තෙත් ස්වභාවයකින්.තෙත් කාලයෙදී දී ලුණු තට්ටුව මතු පිටින් කුඩා ජල ස්ථරයක් පවතිනවා. නමුත් භූමිය මතින් වාහනයක් වුවත් ධාවනය කළ හැකියි.මැයි මස සිට නොවැම්බර් මස දක්වා කාලය තුළ මෙහි ලුණු දිය වාෂ්පවීමට ලක් වෙනවා.
ලොව විශාලතම ලුණු විල පමණක් නොවෙයි, ලොව විශාලතම ලිතියම් සංචිතය පවතින්නේත් මෙම කලාපයේ යි. ලිතියම් ප්‍රමාණයෙන් 50% - 70%ත් අතර ප්‍රමාණයක් සැපයෙන්නේ මෙම ප්‍රදේශයෙන්.
4.පෝලන්තයෙන් පයින් ගස් වලින් යුත් මායා වනාන්තරය
මේ මායා වනාන්තර අපට හමුවන්නේ පෝලන්තයෙන්.මෙය පයින් ගස් 400 කින් යුක්ත වෙන වනාන්තරයක්. ඉතින් මෙහි තිබෙන විශේෂත්වය කුමක්දැයි ඔබට සිතෙනු ඇත.එයට හේතුව මෙම පයින් ගස් වල ඇති විශේෂිත බවයි. මෙම පයින් ගස් සියල්ලම එකම ආකාරයෙන් වක ගැසුණු ස්වභාවයකින් යුතු වෙනවා. මෙම ගස් වල පවතින 90 අංශක නැම්ම හටගෙන තිබෙන්නේ ශාකයේ මුල සහිත ප්‍රදේශයෙනුයි.මේ හේතුවෙන් ගසට ලැබෙන්නේ “C” අක්ෂරයක හැඩය යි.මෙම පයිනස් ගස් වටේට සාමාන්‍ය පයිනස් ගස් කලාපයක් ද දක්නට ලැබෙනවා.පෝලන්තයේ වයඹදිගින්, ජර්මානු දේශසීමාවට ඉතා ආසන්න ව, ග්‍රිෆිනෝ නගරයේ Nowe Czarnowo ගම්මානයේ මෙය පිහිටා තිබෙනවා. මෙය ස්භාවික වනාන්තරයක් යැයි ඔබ සිතුවද??.... නැත.මෙහි පවතින ගස් සිටුවා තිබෙන්නේ 1920 දශකයේ අගභාගයෙහි හෝ 1930 දශකයේ මුල් භාගයෙහි වෙනවා. මෙම පයින් ගස් විකෘති ස්වභාවයෙන් වැඩුණේ කෙසේ ද යන්න අදටත් ප්‍රශ්නයක්.
මීට හේතුව ලෙස සලකන මතයන්..
-දෙවන ලෝක යුද සමයේ යුදමය ක්‍රියාකාරකම්වලින් මෙම ප්‍රදේශයට වූ බලපෑම් නිසා මෙසේ විකෘත වැඩීමක් සිදු වූ බව යි. යුද ටැංකි නිතර මෙම ප්‍රදේශය හරහා ගමන් කර ඇති අතර වැඩෙමින් පැවති කුඩා පයිනස් පැළ මතින් ද ඒවා ගමන් කිරීමෙන් මෙසේ වී ඇති බවයි. තවත් මතයක් වන්නේ එවකට පැවති දරුණු හිම පතනයක් නිසා වැඩෙමින් පැවති පයිනස් පැළැටි මතට එකී හිම කැටි වැටී ඇති කරන ලද පීඩනය හේතුවෙන් මෙම වකගැසීම සිදු වූ බව යි.
-මැනිටෝබා විශ්ව විද්‍යාලයේ (University of Manitoba), ශාක පිළිබඳ විද්‍යාඥයෙකු වූ ආචාර්ය විලියම් රැම්ප්‍රේගේ අදහස දී ජාන විකෘතිතාවක් නිසා මෙය ඇති වූ බවයි. නමුත් මේ පිළිබඳ දක්වන අනෙකුත් මතයනුත් ඔහු ප්‍රතික්ෂේප නොකරයි. මෙම සියලු ගස් උතුරු දෙසට හැරී තිබෙන්නේ ඇතැම්විට අහම්බයකින් විය හැකි බව ඔහු ප්‍රකාශ කරයි.
-ගුරුත්වාකර්ෂණ විෂමතාවක් හේතුවෙන් මෙය ඇති වූ බව අද වන විට මූලික පිළිගැනීමක් බවට පත් ව තිබෙනවා.
-තවත් එතරම් අවධානයට ලක් නොවූ මතයක් වන්නේ මෙය පිටසක්වල බලපෑමක් සහිත ප්‍රදේශයක් වූ බවත්,
- නමුත් මෙම වන විකෘතිතාව පිළිබඳ පිළිගත හැකි වඩාත් සාධාරණ සහ තර්කානුකූල මතයක් ද ඉදිරිපත් වී තිබෙනවා. එයට අනුව මෙම ශාකවල විකෘතිතාව වන රෝපකයන් විසින් සිතාමතා ඇති කරන ලද්දක්. අධික වක්‍ර සහිත නැවුම් දැව භාණ්ඩ නිර්මාණය කිරීමටත්, නැව් සැකසීම සඳහා සැපයීමට මේවා රෝපකයන් විසින් උපක්‍රමශීලී ව නිර්මාණය කරගන්නට ඇති බවත් මේ අනුව විශ්වාස කෙරෙනවා.
අපි සියලු දෙනාගේ අයිතිය සොබාදහම සතුයි. සොබාදහම මෙතරම් අපූරු වට සැකසුනේ කෙසේ දැයි කාටත් ප්‍රශ්න යකි.ඒ අතර සාමාන්‍ය පරිසර පද්දතියෙනුත් විකෘති වී කලාතුරකින් දක්නට ලැබෙන මෙවැනි දර්ශන පතයක් තවත් විශ්මයක් කුතුහලයක් අපේ හද තුළ ඇති කරනට සමත් වෙනවා.
No comments:
Post a Comment